Skip to content

Adobe Photoshop තුලිනුත් AI හා බලගැන්වුණු Image Generate කිරීමේ හැකියාවක්.

Adobe සමාගම ඉකුත් අගහරුවාදා දින ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන්ගේ පරිශීලකයින් හට ඡායාරූප සංස්කරණය කරන කටයුතු වඩා වේගවත් කිරීමේ අරමුණින් AI බලයෙන් ක්‍රියාත්මක වන රූප උත්පාදක ක්‍රමවේදයක් (Image generating process) Photoshop වෙත ඇතුළත් කරන බවයි. මෙම නවතම යෙදවුම 'Firefly' ලෙස හදුන්වනු ලබන අතර Adobe සමාගම සදහන් කර සිටින්නේ පරිශීලකයින්ට images වල අදාළ elements add හෝ delete කිරීමට​ text prompt එකක් ඇතුළත් කිරීම හරහා; එම වෙනස්කම් කිරීමේ හැකියාව ඇති බවයි. එමෙන්ම අදාළ පින්තූර වල ආලෝකකරණයේ ගැලපීම් සිදු කිරීමට සහ විලාසයන් (styles) තුල ස්වයංක්‍රීය ගැලපීම් සිදු කිරීමේ හැකියාව පවතින බවද සදහන්.

මෙම පහසුකම් සියල්ල දැනට Photoshop beta app හි පවතින අතර වසර අවසානය වන විට සියලුම Photoshop පාරිභෝගිකයින් වෙත එම පහසුකම් අත්විදීමේ හැකියාව ලබා දීමට සමාගම සැලසුම් කරන බව වාර් තා වේ. Photoshop නිෂ්පාදන කළමනාකරණය සහ නිෂ්පාදන උපායමාර්ගයේ උප සභාපති Pam Clark මහතා blog සටහනක දක්වා ඇත්තේ, 'අපි AI හි නව යුගයකට පිවිසෙමින් සිටින බැවින් මෙම නව ජනක මාදිලීන් හරහා අපගේ රූපකරණ හැකියාවන් වෙනත් මට්ටමකට ගෙන යාමට නව අවස්ථාවක්' ලැබී ඇති බවයි.'පසුගිය මාස කිහිපය තුළ, අපි මෙම ආකර්ෂණීය නව තාක්‍ෂණය Photoshop වෙත ඒකාබද්ධ කර ඇත්තේ වඩාත් ස්වාභාවික, අවබෝධාත්මක සහ විනෝදජනක ක්‍රමයක් සඳහා වන ප්‍රධාන පියවරක් ගනු ලැබීමක් වශයෙන්' බවද​ ද ඔහු ප්‍රකාශ කර සිටී.

අන්තර්ජාලයේ පල කර ඇති prompt ඇතුලත් කිරීමේ උදාහරණයක් දැක්වෙන පින්තූරයක් පහතින්:

Latest