Skip to content

පෘථිවි අභ්‍යන්තරයේ ඇති අගර්තා රාජධානිය ; දෙවැනි කොටස

පෘථිවි අභ්‍යන්තරයේ ඇති අගර්තා රාජධානිය ; පළමු කොටස
හිස් පෘතුවිය එහෙමත් නැතිනම් හැලෝ එර්ත් (Hallow Earth) කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් අතර තියෙන කතාවක්. අද්භූත රජෙක් පාලනය කරන භූගත රාජධානියක්

උතුරු හා දක්ෂිණ ධ්‍රැව වලට අමතරව අගර්තා රාජධානියට ඇතුළු වෙන්න පුලුවන් යැයි කියන පළමු මාර්ගය අපට හමුවන්නේ ග්‍රීසියේ තියෙන ඩිරෝස් ගුහාවෙන්. මේ ගුහාවේ තියෙන ඇතුල්වීම ප්ලේටෝ සහ ඇට්ලන්ටිස් කතාවට ගොඩක් සමීපව සම්බන්ධ වෙනවා. ග්‍රීසියේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියේ ඉපිමියෝ දක්වා මේ ගුහා මාර්ගය ගමන් කරනවා කියලා විශ්වාස කරනවා. සියවස් ගණනාවක් තිස්සේ පෘථිවියේ අභ්‍යන්තරයට යන ද්වාරය විදිහට ඩිරෝස් ගුහාව හදුන්වනවා.

ඩීරෝස් ගුහා

මධ්‍යධරණී මුහුද හරහා දකුණට යන කොට අපට හම්බෙනවා ගීසාහි මහා පිරමීඩය. ගීසාහි මහා පිරමීඩය හරහා අගර්තා වලට යන්න පුලුවන් කියන දේ බැලූ බැල්මට හිතා ගන්න අමාරු දෙයක්. හැබැයි අපි දන්නවා ගීසාහි මහා පිරමීඩයට යටින් භූගත ගංගා, ජලාශ සහ උමං මාර්ග වලින් පිරුණ විශාල ගුහා පද්ධතියක් තියෙනවා කියන එක. බිම විනිවිද යන රේඩාර් ඒ කියන්නේ ග්‍රවුන්ඩ් පෙනෙට්‍රේටින් රේඩාර් (Ground Penetrating Radar) වගේ නවීන තාක්ෂණය යොදා ගෙන ගීසාහි මහා පිරමීඩය ගැන කරන පරීක්ෂණ මගින් අගර්තා රාජධානිය සොයා ගැනීමට හැකි වේවි කියලා ගොඩක් විද්වතුන් විශ්වාස කරනවා.

ගීසාහි මහා පිරමීඩ සංකීර්ණය 

සොලමන් රජුගේ පතල් කියන්නේ අගර්තා රාජධානියට යන්න පුලුවන් තවත් පිවිසුමක් කියලා විශ්වාස කරනවා. සොලමන් කියන්නේ දාවිත් රජුගේ පුතා මෙන්ම ඊශ්‍රායලයේ හිටපු රජ කෙනෙක්. ඔහුගේ ප්‍රඥාව, බලය සහ පෞද්ගලික ධනය නිසා ප්‍රසිද්ධියට පත් වුන කෙනෙක්. විස්තර කරන විදිහට සොලමන් කියන්නේ පෘථිවියේ හිටපු ධනවත්ම රජ කෙනෙක්. සොලමන් රජුගේ පතල් ගැන ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනේ ඇලන් ක්වාර්ටමන්ගේ චරිතය ඇතුළත් සුප්‍රසිද්ධ නවකතාව නිසා. ද ලීග් ඔෆ් එක්ස්ට්‍රාඕඩිනරි ජෙන්ට්ල්මන් (The League Of Extraordinary Gentlemen) චිත්‍රපටයෙත් ක්වාර්ටමන්ගේ චරිතය ඉන්නවා. ධනය සාමාන්‍යයෙන් රත්තරන් සමඟ සම්බන්ධ වෙනවා. හැබැයි සොලමන් රජුගේ ධනය ඇවිල්ලා තියෙන්නේ තඹ කැණීම් වලින්.

සොලමන් රජු

සොලමන් රජුගේ කැණීම් කරපු පතල් ක්‍රිස්තු පූර්ව 13 වන සියවස වෙනකන් ක්‍රියාත්මක වෙලා තිබුණා කියලා විශ්වාසයක් තියෙනවා. සොලමන් රජුගේ පුරාවෘත්තය ප්‍රබන්ධ කතාවකින් ආපු එකක් වුනත් නිධන් සොයන්නන් ඒ කියන්නේ ට්‍රෙශර් හන්ටර්ස්ලා (Treasure Hunters) විශ්වාස කරන විදිහට මේ පතල් ඇත්තටම තිබිලා තියෙනවා. 2008 වර්ශයේදී ජෝර්දානයේ කෙර්බෙට් එල් නජාස් ප්‍රදේශයෙන් පැරණි පතල් නගරයක් සොයා ගන්නවා. මේ නගරයේ තිබිලා 13 වන සියවසේදී ක්‍රියාත්මක වුන තඹ පතලක් සහ තඹ උණු කිරීමේ කඳවුරක් මතු කර ගන්න පුරාවිද්‍යාඥයන්ට පුලුවන් වෙනවා. මීට අමතරව ඇඳුම් පැළඳුම් ඇතුළු පෞද්ගලික භාණ්ඩ රාශියක් ද මේ කණ්ඩායමට හමු වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ඉදන් මේ ස්ථානයේ පදිංචි වෙලා හිටපු දියුණු සමාජයක් ගැන මේ සොයා ගැනීම් වලින් පෙන්නුම් කරනවා.

කෙර්බෙට් එල් නජාස් ප්‍රදේශයෙන් හමු වූ පැරණි පතලක්

අගර්තා රාජධානියට යන්න පුලුවන් යැයි කියන මාර්ගයක් ඉන්දියාවේ රාමා සේතු පාලම යට තියෙනවා. ඉන්දියාවේ ඉදන් ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වුන භූගත මාර්ගයක්ද අතීතයේ රාම සේතු පාලම ඔස්සේ තිබුණා කියලත් විද්වතුන් විශ්වාස කරනවා.

රාම සේතු පාලම

හැලෝ එර්ත් එක ගැන ගොඩක් කතා තියෙන තැනක් තමයි ටිබෙටය කියන්නේ. ඒ නිසා හිමාලයට යටින් අගර්තා රාජධානියට පිවිසුමක් තියෙනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමේ. මේ විදිහට ටිබෙටයේ තියෙන එක භූගත නගරයක් තමයි ෂොන්ෂේ කියන්නේ. ජනප්‍රවාදයට අනුව වසර දහස් ගණනක් තිස්සේ භික්ෂූන් වහන්සේලා මේ නගරය ආරක්ෂා කරලා තියෙනවා.

හිමාලයේ ඇති භූගත ගුහාවක්

ආර්ජන්ටිනාවේ ඉගුවාසු ප්‍රදේශයේ තියෙන සුප්‍රසිද්ධ දිය ඇලිවලට යටින් අගර්තා රාජධානියට යන දොරටුවක් සැඟවිලා තියෙනවා කියලා විශ්වාස කරනවා.

ඉගුවාසු දිය ඇලි

බ්‍රසීලයේ මැරෝ ග්‍රෝසෝ ප්‍රදේශයේ තියෙන පොසිඩ් නගරය හරහා අගර්තා රාජධානියට පිවිසුමක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය විනාශ කෙරූ ව්‍යසනයෙන් බේරුණ ඇට්ලැන්ටිස් වැසියන් පිරිසක් තමයි පොසිඩ් නගරය හදලා තියෙන්නේ.

පොසිඩ් නගරය

කෙන්ටකී ප්‍රාන්තයේ තියෙන මැමත් ගුහාව අගර්තා වලට පිවිසුමක් කියන එක වසර දහස් ගණනකට කලින් හිටපු ස්වදේශික ගෝත්‍රිකයන් විශ්වාස කරලා තියෙනවා.

මැමොත් ගුහාව

අගර්තා නගරයට යන්න පුලුවන් තවත් ප්‍රසිද්ධ පිවිසුමක් තමයි ඇමරිකාවේ තියෙන ශාස්ටා කන්ද. ඇට්ලැන්ටිස් මහද්වීපය සහ ලෙමූරියා මහද්වීපය අතර ඇති වුන යුද්ධයෙන් දිවි ගලව ගන්න පුලුවන් වුන ලෙමූරියන්වරු පොඩි පිරිසක් භූගත නගරයක් වුන ටෙලෝස් නගරය ඉදි කරලා තියෙනවා කියන්නේ ශාස්ටා කන්දේ. ඒ විතරක් නෙමේ ඔවුන් තවමත් මේ නගරයේ ජීවත් වෙනවා කියලත් කියනවා. ශාස්ටා කන්දේ මොකක් හරි අමුතු දෙයක් වෙනවා කියන්න සාක්ෂි ගොඩක් තියෙනවා.

ශාස්ටා කන්ද

නිව් මෙක්සිකෝ වල තියෙන ඩුල්සේ රහසිගත කඳවුර ඉදිකරන්න තෝර ගෙන තියෙන්නෙත් පෘථිවියේ අභ්‍යන්තරයට ප්‍රවේශ වෙන්න පුලුවන් කියලා විශ්වාස කරන ප්‍රදේශයක. ඩුල්සේ කියන්නේ පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධ ලොකු කතාවක් තියෙන රහසිගත කඳවුරක්. මේ ගැන මම ඔයාට වෙන ආටිකල් එකකින් කියලා දෙන්නම්.

හැලෝ එර්ත් එකට යන්න පුලුවන් කියලා විශ්වාස කරන ගොඩක් ස්ථානවල UFO දකින්න හම්බෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. සමහර විට මේක අහම්බයක් නොවෙන්නත් පුලුවන්. UFO එකක් ගැන සඳහන් කරද්දි අපි සහජයෙන්ම බලන්නේ අහස දිහා. සමහර විට මෙච්චර කල් අපි බලලා තියෙන්නේ වැරදි දිශාවක් දිහා වෙන්නත් පුලුවන්. UFO එන්නේ වෙනත් ග්‍රහලෝකයකින් නෙමේ කියලා යෝජනා කරන න්‍යායක් තියෙනවා. ඒ න්‍යායට අනුව පෘථිවි අභ්‍යන්තරයේ ඉදන් තමයි UFO එන්නේ.

උත්තර ධ්‍රැවය අසල ආක්ටික් ප්‍රදේශයේ UFO එකක් දකින්න හම්බුනා කියලා මුලින්ම වාර්තා වෙලා තියෙන්නේ 1850 වර්ශයේදී. කැප්ටන් ඩී හාවන් සහ ඔහුගේ වෛද්‍ය නිළධාරියා වායු බැලූනයක් වගේ වස්තුවක් දැකලා තියෙනවා. ඊට පස්සේ ඔවුන් තවත් වස්තුවක් මතු වෙලා තියෙනවා. ඔවුන් මේ දිහා බලන් ඉද්දි එකපාරම මේ වස්තූන් දෙකම අතුරුදහන් වෙලා ගිහින් තියෙනවා.

කැප්ටන් ඩී හාවන්

1952 ජනවාරි 22 මධ්‍යම රාත්‍රියයේදී ඇලස්කාවේ හමුදා මුරපොලක තිබුණ රේඩාර් යන්ත්‍රයකින් අමුතු වස්තුවක් දැකලා තියෙනවා. ඒ වස්තුව පැයට සැතපුම් 1500 ක වේගයකින් තමයි ගමන් කරලා තියෙන්නේ. පෘථිවියේ තිබුණ කිසිම ගුවන් යානයකට එච්චර වේගයකින් යන්න බැහැ. මේ වස්තුව මොකක්ද කියලා බලන්න ජෙට් යානා තුනක් යවලා තියෙනවා. උත්තර ධ්‍රැවය දිහාට පියාසර කරපු මේ අමුතු වස්තුව එකපාරම අතුරුදහන් වෙලා තියෙනවා.

1960 වර්ශයේ ඔක්තෝබර් පස් වෙනිදා ග්‍රීන්ලන්තයේ තූල් ප්‍රදේශයේ තිබුණ හමුදා කඳවුරක බැලස්ටික් මිසයිල ප්‍රහාරයකදී නාද වෙන පූර්ව අනතරු ඇඟවීමේ සංඥාව නාද වෙනවා. කඳවුරේ හිටපු හැමෝම හිතුවේ තුන්වන ලෝක යුද්ධය ආරම්භ වෙලා කියලා. ඉතා වේගයකින් චලනය වුන වස්තූන් කිහිපයක් රේඩාර් වල දකින්න හම්බෙලා තියෙනවා. එච්චර වේගයකින් යන්න පුලුවන් දෙයකට තිබුණේ සෝවියට් මිසයිල වලට විතරයි. විනාඩි කිහිපයක් යද්දි එංගලන්තයේ සහ කැනඩාවේ තිබුණ ඇමරිකානු කඳවුරු වලට මේ ගැන දැනුම් දීලා තියෙනවා. හැබැයි ඒ එක්කම මේ වස්තූන් උත්තර ධ්‍රැවය ආසන්නයේදී අතුරුදහන් වෙලා තියෙනවා.

සාගරයෙන් හරි ධ්‍රැවවලින් හරි පෘථිවියේ අභ්‍යන්තරයෙන් හරි ආපු UFO ගැන තියෙන කථාවලින් කිහිපයක් විතරයි මම ඔයාට කීවේ.

පෘථිවියේ තියෙන ගැඹුරුම කුහරයට කියන්නේ කෝලා සුපර්ඩීප් ළිඳ කියලා. පෘථිවියේ මතුපිට ඉදන් සැතපුම් හතහමාරක් පහළින් තියෙන මේ කුහරයේ ගැඹුරුම ස්ථානයට ළඟා වෙන්න අවුරුදු 20 කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. කෝලා සුපර්ඩීප් ළිඳේ වැඩකටයුතු 1992 වර්ශයේදී නතර කරනවා. අධික උෂ්ණත්වය නිසා ඩ්‍රිල් එකට තවත් යට යන්න බැරි තත්වයක් ඇවිල්ලා තියෙනවා. පෘථිවියේ මධ්‍යය තියෙන්නේ පෘථිවියේ මතුපිට ඉදන් සැතපුම් 4000 ක් පල්ලට වෙන්න.

කෝලා සුපර්ඩීප් ළිඳ

සැතපුම් හතහමාරක් විතර හාරපු අපි එතන ඉදන් පහළට වෙන්න තියෙන්නේ මොනවාද කියන එක ගැන හරියටම කියන්නේ කොහොමද?

"භූ කම්පන දත්ත සහ පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යයන වලින් මේ ගැන කරපු උපකල්පන තියෙනවා. හැබැයි ඒවා උපකල්පන විතරයි."

2023 වර්ශයේ මුල් කාලයේදී පෘථිවියේ ඉනර් කෝ (Inner Core) එක භ්‍රමණය වෙන එක නතර වෙලා තියෙනවා. මේ වෙනකොට ඒක ආපහු කැරකෙන්න පටන් අරගෙන තියෙනවා කියලා විශ්වාස කරනවා. හැබැයි අනිත් පැත්තට. මෙහෙම දෙන්න හේතුව මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. අනුමාන කරන්න විතරයි පුලුවන්. මාස කිහිපයකට පස්සේ පෘථිවියේ ඉනර් කෝ එක ඇතුලේ ඝන යකඩ වලින් සෑදුණ සැතපුම් 400 ක් විතර පළල තවත් ඉනර් කෝ එකක් තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා. පෘථිවියේ අභ්‍යන්තරය ගැන අලුත් සොයාගැනීම් හැම වෙලාවෙම සිදු වෙන නිසා පෘථිවියේ අභ්‍යන්තරය ගැන දැනට අපි දන්න සියලු දේ උගත් අනුමාන (Educated Guesses) විතරයි.

2014 වර්ශයේදී විද්‍යාඥයින් පිරිසකට පෘථිවි පෘෂ්ඨයේ ඉදන් සැතපුම් සිය ගණනක් පහළට වෙන්න ජලය තියෙනවා කියන එක හොයා ගන්නවා. හැබැයි ඒ පොඩි ප්‍රමාණයක් නම් නෙමෙයි. පෘථිවිය මතුපිට තියෙන සියලුම සාගර තුන්පාරක් පුරවන්න තරම් ජල ප්‍රමාණයක් පෘථිවි අභ්‍යන්තරයේ තියෙනවා. පෘථිවියේ තියෙන වතුර වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ පෘථිවියේ අභ්‍යන්තරයේ. පෘථිවියේ මතුපිට ඉදන් සැතපුම් 250 ත් 410 ත් අතර පහළට දෙන්න තියෙන සංක්‍රාන්ති කලාපය ඒ කියන්නේ ට්‍රාන්සිශන් සෝන් (Transition Zone) කියන ප්‍රදේශයේ තමයි මේ ජලය පිහිටලා තියෙන්නේ.

පෘථිවි අභ්‍යන්තරයේ ජලය තියෙනවා නම් තව මොනවා තියෙන්න පුලුවන්ද?

2019 වර්ශයේදී ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයින්ට පුලුවන් වෙනවා හැමෝම මවිතයට පත් කරපු අධ්‍යන වාර්තාවක් ප්‍රකාශයට පත් කරන්න. ඔවුන්ට පුලුවන් වෙලා තියෙනවා සුපර් කම්පියුටර් (Super Computer) එකක් යොදා ගෙන 1994 වර්ශයේදී බොලිවියාවට බලපෑ රිච්ටර් මාපක 8.2 වුන භූමිකම්පාව ඇතුළුව මෙතෙක් වාර්ත වෙලා තියෙන විශාලතම භූමිකම්පන වලින් ගත්ත දත්ත විශ්ලේෂණය කර ගන්න. හිමාලයට වඩා උස කඳු පෘථිවි අභ්‍යන්තරයේ තියෙනවා කියන එක ඒ විශ්ලේෂණයයෙන් හොයා ගන්න පුලුවන් වෙලා තියෙනවා.

ඔයා හිතන්නේ මේ කඳු පිහිටලා තියෙන්නේ පෘථිවියේ මතුපිට ඉදන් කොච්චරක් විතර පහළින් කියලද?

"සැතපුම් 410 ක් පහළට වෙන්න තමයි මේ කඳු පිහිටලා තියෙන්නේ. හරියටම කියනවා නම් ට්‍රාන්සිශන් සෝන් එකේදී."

හැලෝ එර්ත් තියරි එක කියන්නේ සියවස් ගණනාවක් තිස්සේ මිනිසුන් අතර තියෙන න්‍යායක්. ඉතිහාසයේ එක කාලපරිච්ඡේදයකදී ප්‍රධාන ධාරවේ විද්‍යාවේ අවධානය ගන්නත් මේ න්‍යායට පුලුවන් වෙනවා.

හැබැයි ඇත්තටම හැලෝ එර්ත් තියරි එක තහවුරු කරන්න සාක්ෂි තියෙනවාද?

එඩ්මන්ඩ් හැලීගේ න්‍යාය පරස්පර වුනත් යම්තාක් දුරකට සත්‍යය වන දේවල් ඒ න්‍යායයේ තියෙනවා...

ඇලෙක්සාන්ඩ්‍රේ කියපු හැමදෙයක්ම තියෙන්නේ එයාගේ පොතේ. ඉතින් ඒ දේවල් වල සත්‍යතාව ගැන අපට විශ්වාස කරන්න පොඩ්ඩක් අමාරුයි...

බ්ලැවැට්ස්කි වගේ ගුප්ත විද්‍යාඥයින් අගර්තා ගැන කියපු හැම දෙයක්ම ඇවිල්ලා තියෙන්නේ විෂන් සහ ටෙලිපති සන්නිවේදනය කියන දේවල් වලින්. ඉතින් ඒ දේවල් සත්‍යයක්ද කියන එක මම තීරණය කරන්න මම ඔයාටම බාර දෙන්නම්...

අද්මිරාල් බර්ඩ් කියන්නේ විද්‍යා ප්‍රබන්ධ වලට ගොඩක් ආසා කරපු කෙනෙක්. ද ඩේ ද එර්ත් ස්ටුඩ් ස්ටිල් (The Day The Earth Stood Still) කියන චිත්‍රපටයේ තියෙන ප්ලොට් එකයි අද්මිරාල් බර්ඩ් කියන කතාවයි ගොඩක් සමානයි...

පෘථිවි අභ්‍යන්තරයේ ජලය තියෙනවා කියන කතාව ඇත්ත එකක්...

පෘථිවි අභ්‍යන්තරයේ යම් ආකාරයක කඳු පන්ති පිහිටලා තියෙනවා කියන කතාවත් ඇත්ත එකක්...

UFO සම්බන්ධ සිදුවීම් ගැන තියෙන දේ සත්‍යය අසත්‍යතාව ගැන තීරණය කරන එක අපි කාලයට බාර දෙමු...

ඉතින් මේ අගර්තා රාජධානිය ගැන ඔයාගේ අදහස මොකක්ද?

ලෙමූරියා මහද්වීපයේ අභිරහස
වසර දහස් ගණනක් තිස්සේ ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරයේ අභිරහසට පුලුවන් වෙලා තියෙනවා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න. ජලයෙන් යට වුන පුරාණ නගරය ගැන මමත් ඔයා
ගීසාහි මහා පිරමීඩයේ රහස නිකොලා ටෙස්ලා දැන ගෙන සිටියා ”ද”? ; පළමු කොටස
පෘථිවිය ඇතුළත තියෙන ශක්තිය භාවිතා කරලා එහෙමත් නැති නම් හාර්නෙස් (Harness) කරලා නිපදවා ගන්න බලය රැහැන් රහිතව ලෝකය වටේ සම්ප්‍රේෂණය කිරීමේ තාක්ෂණය
අමරණීයත්වය සඳහා යතුර වූ තෝත්ගේ එමරල්ඩ් ටැබ්ලට් එක
මේ දෙකෙන් ඔයා මොකක්ද තෝරගන්නේ? සදාකාලික ජීවිතයක්... අසීමිත ධනයක්... මේ දෙකම තෝර ගන්න බැරිද? පුලුවන්... හැබැයි ඒකට ඔයාට ඕනේ වෙනවා ”දාර්ශනිකයාගේ ගල”
දැනුමේ මුලාශ්‍ර 5 ; මරණය සහ නැවත ඉපදීම අතර තිබෙන සංක්‍රාන්තික අවධිය පිළිබඳ උගන්වන ටිබෙට් මළවුන්ගේ පොත (The Tibetan Book Of Death)
″ටිබෙට් මළවුන්ගේ පොත (Tibetan Book Of Dead) කියන්නේ ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායේ තියෙන ඉමහත් ගෞරවයට පාත්‍ර වුන පුරාණ සාහිත්‍ය ග්‍රන්ථයක්. ටිබෙට් භා
ශාන්ත ජර්මේන් වල සිටුවරයාගේ (Count Of Saint Germain) කතාව
1745 වර්ශයේදී ලන්ඩන් නගරයේ සැරිසරපු අමුතු පුද්ගලයෙක්ව ඔත්තු බැලීමේ චෝදනාව මත ආරක්ෂක අංශ විසින් අත්තඩංගුවට ගන්නවා. මේ අමුතු පුද්ගලයාගේ නම විදිහට

Latest