බුත්තල නගරයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග කලකට පසු අයිස් වැස්සක් ඇදහැලුණු බවත් ඇදහැලුනු අයිස් වැස්ස පැය බාගයකට ආසන්න කාලයක් පුරා ඇදහැලුණු අතරම ඒ සමඟ සුලිකුණාටු තත්වයක්ද ඇතිවූ බවටද ප්‍රදේශවාසීන් පවසා සිටියහ.
පැවති සුලිසුලං තත්වය හේතුවෙන් අතුරු මාර්ග රැසක ගස් කඩා වැටි ඇති අතරම මාර්ගවල ගමනාගමනයටද දැඩි බාදා එල්ල වි තිබුණි.


මේ අතර වැල්ලවාය මොනරාගල මාර්ගයේ බුත්තල, උනාවටුන, යුධගනාව, පුහුල් කොටුව දික්යාය, උඩගම, මැදගම දක්වා අතර ස්ථාන කිහිපයකද ගස් කඩා වැටිම් සිදුවි තිබුණු අතරම බුත්තල පුහුල්කොටුව ගම්මානයේ සුලිකුණාටු තත්වය හේතුවෙන් සැලකියයතු හානි සිදුවි තිබු බවට වාර්ථ වෙයි.
මොනරාගල දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ පවසා සිටියේ පැවති අධික වර්ෂාව සුලි සුලං හේතුවෙන් නිවාස 30 කට අධික ප්‍රමාණයක් හානි වී ඇති බවටත් පුහුල්කොටුව ඇතුලු ප්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් වැටුනු බවට තොරතුරු වාර්තා වුණ බවත්ය.