Skip to content

තව වසර මිලියන 250කින් පසුව පෘථිවියේ ජීවීන් අවසන්..

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පර්‍යේෂක කංඩායමක් කියයි..

තවත් වසර මිලියන 250කින් පෘථිවියේ ජීවීන් විනාශ වී යන බවට අධ්‍යයනයකින් අනාවරණය වු බව බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කංඩායමක් විසින් පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදුකළ ගණනය කිරීම්වලට අනුව අනාවරණය කරගෙන ඇත.

මෙය මීට වසර මිලියන 66කට පෙර දැවැන්ත අභ්‍යවකාශ පාෂාණයක් පෘථිවියේ ගැටීමෙන් ඩයිනෝසරයන් මියගිය පසු සිදුවන පළමු වඳවී යාම ලෙසයි ඔවුන් හදුන්වන්නේ.

අදාල කාල සීමාව තුළ සියලුම ක්ෂීරපායින් විනාශ කරන මහා වඳවීයාමකට පෘථිවිය මුහුණදෙන බවත් පෘථිවියේ සිටින ඕනෑම ජීවී ස්වරූපයකට සෙල්සියස් අංශක (40 – 70)ත් අතර උෂ්ණත්වයකට මුහුණදීමට සිදුවන බවද එම පර්යේෂකයෝ සදහන් කරති.

එම කාලය තුළ පෘථිවි මහද්වීප සියල්ල එකට ගමන් කර උණුසුම්, වියළි සහ බොහෝ දුරට වාසයට නුසුදුසු “පැන්ජියා අල්ටිමා” නමින් සුපිරි මහද්වීපයක් නිර්මාණය වනු ඇති බවද බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදුකළ එම  ගණනය කිරීම්වලට අනුව අනාවරණය වී ඇත.

Latest