Skip to content

වසර 33 කට පසු නාපොලි කන්ඩායම ඉතාලියානු පාපන්දු ශුරතාව දිනාගනී

ලෝක පාපන්දු ලීග් ශුරතාවලි ගැන සදහන් කරන විට ඉතාලියානු Serie A තරගාවලීයට හිමිවන්නෙ සුවිශෙශි ස්තානයකි. වර්ශ 1929 තෙක් දිවයන Serie A ඉතිහාසය, ප්‍රසිද්ධියට පත් වී ඇත්තෙ ලොව ඇති උපායශීලි සහා ආරක්ශාකාරි (Defensive) පාපන්දු ලීගය ලෙසයි. ඉතාලියානු ලීගය Serie A නමින් හැදින්විම ආරම්භවන්නෙ 2010-2011 තරගව වාරයෙ සිටය. කන්ඩායම් 20 සැම වසරකම කුසලානය සදහා තරග වදින අතර තරග 38 කින් පසු වැඩිම ලකුනු ලබාගත් කන්ඩායම කුසලානය දිනාගනී.

මෙවර නාපෝලි ශුවරතාව දිනාගන්නෙ තවත් තරග 5 ක් ක්‍රීඩා කිරිමට ඇති තත්වයක සිට විම විශේෂය. දෙවෙනි ස්තානයෙ පසු වන ලැ(ට්)සියො (Lazio) කන්ඩායමට වඩා ලකුණු 20 ඉදිරියෙන් සිටින නාපෝලී කන්ඩායම මේම දස්කම් දක්වාවි යැයි කවරෙක් වත් නොසිතුවේය. තම කන්ඩායමෙ ප්‍රබලයන් වන Dries Mertens, Kalidou Koulibaly, Lorenzo Insigne, Fabián Ruiz සහා David Ospina වැනි ක්‍රීඩකයන් මෙවර තරගාවලීය ආරම්භ වීමට පෙරම විකුණා දැමු අතර මිලදී ගත් ක්‍රීඩකයන්ද සුපිරි තරු නොවිය. නමුත් ඉතාලීයානු පාපන්දු ලීගයට වේගය, ජවය සහා වර්ණය ගෙන එමට නවක තරු වු Victor Osimhen (striker), Khvicha Kvaratskhelia (Winger), Kim Min-Jae (Center back), Stanislav Lobotka (Defensive Midfielder) සහා André-Frank Zambo Anguissa (Central Midfielder) වැනි ක්‍රීඩකයන්ට හැකි විය. අත්දැකිම් සහිත Luciano Spalletti ගේ දක්ශ පුහුණුකාරිත්වය මෙහෙදී අමතක නොකල හැකි සාදකයකි.

නාපෝලී ක්‍ර්‍රීඩා සමාජය ගැන කතා කරන විට අමතක නොකල හැකි චරිතයක් සිටී. ඒ අන්කවරෙක් වත් නොව මැතකදි අප අතරින් වියොවු ඩියාගො මැරඩෝනා ය. 1984 සිට 1991 දක්වා නාපෝලි කන්ඩායම නියොජනය කර ඒ සුපිරි ආජන්ටිනියානු ක්‍රීඩකයා 1987 සහා 1990 දී ඉතාලියානු ලීග් කුසලානය නාපොලියට දිනා දෙන ලදී. අද ද ඔබ නාපෝලි නගරයෙ සංචාරයෙ යෙදුනොත් එහි වැසියන් මැරඩෝනා හට දේවත්වයෙන් සලකන ආකාරය ඔබෙ ඇස ගැටෙනු ඇත. ඔහුට ගවුරවයක් ලෙස නාපෝලි ක්‍රීඩාංගනය 2020 නොවැම්බර් 25 දින "Stadio Diego Armando Maradona"නමින් නම් කරන ලදී.

Latest