Skip to content

වසර 23 කට පසුව ලක්මාතාව රනින් සැරසූ නදීෂා රාමනායක

2023 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ (AAC) – මීටර් 400 ධාවන ඉසව්වෙන් (කාන්තා අංශය) ජුලි මස 13 දින තරඟ කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කෝප්‍රල් නදීෂා රාමනායක වසර 23 කට පසු ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය..

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියකදී රන් පදක්කමක් දිනූ 8 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙස කෝප්‍රල් නදීෂා රාමනායක ඉතිහාසයට එක්වන අතර, මේ මස ජූලි 12 වන දින සිට 16 වන දින දක්වා බැංකොක් නුවර සුපචලාසායි ජාතික ක්‍රීඩාංගණයේදී මෙම ක්‍රීඩා උළෙල පැවැත්විය.

මීටර් 400 ධාවන ඉසව්ව  තත්පර 52.61කින් කාන්තා ඉසව්වේ තරඟය නිමා කරන ලද කෝප්‍රල් නදීෂා රාමනායක අවසන් මහා තරගය නිම කරමින් රන්පදක්කම දිනාගත් අතරම අවසන් මහතරඟයට සුදුසුකම් ලැබීම සඳහා  පැවති අවසන් පූර්ව වටයේදී තත්පර 53.06 කින් තරඟය නිම කිරීමට නදීසා සමත් වූූූූවාය.

මේ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එච්.එල්.එන්.ඩී.ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ (කාන්තා අංශය) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමගින් මීටර් 60.93 දිගට හෙල්ලය වසිකරමින් ඇයඇය ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ශ්‍රීලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු මෙම තරඟාවලියට සහභාගී වූහ.

Latest