Skip to content

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට


ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි බවට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඉදිරියේදී පැවැත්වෙන තරඟ තුනකින් යුක්ත එක්දින ක්‍රිකට් තරඟාවලියක් සදහා තරඟ වැදීමට ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මෙලෙස කටුනායක අන්තර්ජාතක ගුවන්තොටුපල වෙතට 23වනදා ලඟාවිය.

මෙලෙස ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවත්වෙන් ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවටයි ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ,

මේ අනුව දෙරට අතර පළමු එක් දින ක්‍රිකට් තරඟය ජුනි මස 2 වනදා පැවැත්වෙන අතර දෙවන එක්දින තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජුනි මස 4 වනදායි. පසුව සංචාරක ඇෆගිනිස්ථාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරඟය ජුනි මස 7 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වීමට පෙර ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන අවසාන එක් දින ක්‍රිකට් තරඟාවලිය මෙය වන අතර එම නිසා ශ්‍රීලංකා ක්‍රීඩකයින් මෙම තරඟවලිය ජයග්‍රහනය කොට ඉහල මානසිකත්වයකින් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟවලියට මුහුණ දෙනු ඇතැයිද ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

Latest