Skip to content

ඇමරිකාව වසන්ත කරන්නාගොඩ මහතාට පැනවූ සම්බාධක පිළිබඳව රුසියාවේ අප්‍රසාදය

වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමරිකාව සම්බාධක පැනවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා  අප්‍රසාදය පළකරනවා.


විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තානාපතිවරයා සඳහන් කරන්නේ ඇමරිකාව වීදුරු ගෙවල්වල සිට ගල් ගසන බවයි.
බටහිර රටවල මානව හිමිකම් ගැන ද කතා කිරීමට කාලය පැමිණ තිබෙනවා.
රටක අභ්‍යන්තර ප්‍රශ්න වලට බටහිර රටවල් ඇඟිලි ගැසීම් නොකළ යුතුයි.


යුක්රේනයේ රුසියානු විශේෂ හමුදා මෙහෙයුම් පිළිබඳව අදහස් දැක්වූ තානාපතිවරයා සඳහන් කරන්නේ පසුගිය සීත සෘතුවේ බටහිර රටවල් උණුසුමෙන් කිසි ගැටළුවක් නැතුව රැඳී සිටි මුත්,මීළඟ සීත සෘතුව එතරම් උණුසුම් නොවනු ඇති බවයි.

යුක්රේන භූමියෙන් පැන නගින තර්ජන ඉවත් කිරීම සහ 2014 දී කියෙව්හි බලය අල්ලා ගත් නව-නාසි පාලන තන්ත්‍රයෙන් මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා වන නීති විරෝධී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විවරවුවා.  

විස්තීර්ණ, යුක්ති සහගත සහ තිරසාර සාමයක් ළඟා කර ගැනීම සඳහා යුක්රේනය නිෂ්ප්‍රභ කිරීම සහ හමුදාකරණය කිරීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවුවා.


Donbass ජනරජය, Kherson සහ Zaporozhie ප්‍රදේශවල පදිංචි වූ ජනතාව රුසියානු සමූහාණ්ඩුවට බැඳීමට ඇති ආශාවෙන් පසුවුවා. යුක්රේනය සහ බටහිර "පොළොවේ" යථාර්ථය පිළිගත යුතුය.

රුසියානු භාෂාව කතා කරන්නන්ට මව් භාෂාව භාවිතා කිරීමේ අයිතිය ලබාදිය යුතුයි.එමෙන්ම සියලුම වාර්ගික සුළු ජාතීන්,යුක්රේනයේ ආගමික නිදහස ඇතුළු සියලුම සිවිල් අයිතිවාසිකම් සහ නිදහසට ගරු කළ යුතුයැයිද රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest