Skip to content

ඇෆ්ඝනිස්ථාන්, ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ කාල සටහන නිකුත් වෙයි!

ලබන ජුනි සහ ජූලි මාසවල සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත 2023 අයිසීසී ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සූදානම් කරවීමේ අරමුණින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරනු ලැබීය.

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම මැයි 29වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වන අතර ජුනි 2,4 සහ 7 යන දිනයන්වලදි ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වදිනු ඇත. සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම තරගාවලිය තුන්වසරකට පසු හම්බන්තොටට ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීමක පහස ලැබීම සටහන් කරනු ඇත. හම්බන්තොට ක්‍රීඩාංගනයේ දි අවසන් වරට ජාත්‍යන්තර තරගයක් පැවැත් වූයේ 2020 වසරේ ජනවාරි මාසයේදි ය.

තරග කාලසටහන

1වැනි එක්දින තරගය - ජුනි 02
2වැනි එක්දින තරගය - ජුනි 04
3වැනි එක්දින තරගය - ජුනි 07

තරග තුනම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි පැවැත්වෙනු ඇත.

Latest