Skip to content

හෙට සිට ළමුන් පාසල් එන්න ඕන මෙහෙමයි....

පාසල් දරුවන්ගේ ශරීරයේ නිරාවරණය වන ස්ථානවල සුදුසු මදුරු විකර්ශකයක් ගල්වා දරුවන් පාසල් වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස රටපුරා සිටින දෙමාපියන්ගෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු ඉල්ලීමක් කරයි.

හෙට (12) දින යළිත් පාසල් ආරම්භ වන බැවින් පවතින ඩෙංගු රෝගයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට එය ඉවහල් වනු ඇති බවත් ඉදිරි දින වලදී දිවයිනේ පාසල් ආශ්‍රිතව දරුවන්ගේ දෙමාපියන් සහ සෞඛ්‍ය අංශයේ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාතක්මක කරන බවද බවද වෛද්‍ය කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.

මේ අතර මෙතෙක් සිදුකල ක්ශේත්‍ර පරීක්ශණ වලදී දිවයිනේ රාජ්‍ය ආයතන ආශ්‍රිතව මදුරුවන් බෝවීමේ පරිශ්‍ර බහුල වශයෙන් වාර්තා වීමක් නිරීක්ෂණය වන බවත් එයට හේතුව නොසැලකිළිමත්භාවය බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

Latest