Skip to content

උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණ ඇරඹේ..

2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (12) දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් සදහන් කරයි.

මෙම ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා මධ්‍යස්ථාන 42කදී එළඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක බවද නියෝජ්‍ය විභාග කොමසාරිස් වරයා කියයි.

මේ සදහා අපේක්ෂකයින් 20,084ක් සහභාගි වීමට නියමිත බවත් එම අපේක්ෂකයින් පරීක්ෂණ ඇගයීම් මධ්‍යස්ථානය වෙත නියමිත වේලාවට වඩා විනාඩි 30 කලින් පැමිණිය යුතු බවද නියෝජ්‍ය විභාග කොමසාරිස් සදහන් කරයි.

මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් 1911 යන දුරකථන අංකය ඔස්සේ දැනුම්දිය හැකි බවත් සියලුම අපේක්ෂකයින් සඳහා මේ වනවිට ප්‍රවේශ පත්‍ර යවා අවසන් බවද නියෝජ්‍ය විභාග කොමසාරිස් සදහන් කරයි.

නියෝජ්‍ය විභාග කොමසාරිස් තවදුරටත් සදහන් කළේ, යම් කරුණක් මත ප්‍රවේශ පත්‍රය නොලැබුණේ නම් විභාග දෙපාර්තමේන්තුවේ onlineexam.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශපත්‍රය භාගත හැකි බවයි.

Latest