Skip to content

ආරක්ෂක අංශ සතු ඉඩම් නැවත බෙදාදීමට කාර්යාලයක්.

උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ වැසියන්ගේ පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් පරිදි අදාළ කාර්යාලය පිහිටුවා ඇති අතර, යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් කාර්යාලය පිහිටුවා ඇත.

අදාළ කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් කුළ උතුරු නැගෙනහිර ඉඩම් ගැටළු  විසදීමට නියමිත අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසට උතුරු නැගෙනහිර වැසියන්ගේ පාරම්පරික ඉඩම් බෙදාදෙන ලෙසටද සාගල රත්නායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත.

උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් තවමත් ආරක්ෂක අංශ කඳවුරු වෙත පවරාගෙන තිබෙන බව උතුරු නැගෙනහිර අවතැන්වූවන් පවසති.

පාරම්පරික ඉඩම් ජනතාවට මුදා හැරීමේදී ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවට කිසිදු ගැටළුවක් නොවන අයුරින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් අදාළ කාර්යාලය ස්ථාපිත කොට තිබේ.

යාපනය පලාලි යුධ හමුදා කඳවුරු සීමාව තුළ සිවිල් වැසියන්ගේ පාරම්පරික ඉඩම් රැසක් පවතින බවද උතුරු පළාත් අවතැන්වූවන්ගේ සංවිධාන පැවසූහ.

Latest