Skip to content

ආරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඉල්ලා වවුනියාවේ විරෝධයක්

වවුනියාව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වන අතරතුර වවුනියාව මදවයිත්තකුලම ප්‍රදේශයේ ජනතාව විරෝධයක නිරත විය. ඒ වසර ගණනාවක් පුරා තම ගම්මාන සදහා පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගය ආරක්‍ෂිත ලෙස ඉදි කර දෙන ලෙසට ඉල්ලමිනි. එහිදී විරෝධතා කරුවන් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු වලට බාධා එල්ල වන අන්දමින් මෙම විරෝධයේ නිරත විය.තම ගම්මානයේ පවුල් 350 ක් පමණ  ඉක්ත් කාලය පුරාවට මෙම හේතුව මත පිඩාවට පත් වූ බවට විරෝධතාකරුවන් චෝදනා කරන ලදී. ඒ අනුව එම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම්ද විරෝධතාවය හේතුවෙන් නැවත දමා තිබිණි.

Latest