Skip to content

ආණ්ඩුකාරවරු තුනක් ගෙදර යවයි..

වයඹ, උතුර සහ නැගෙනහිර යන පළාත් තුනෙහි ආණ්ඩුකාරවරුන්  තිදෙනා ජනාධිපතිවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව අද (15) සිට එම තනතුරු වලින් ඉවත් කර තිබේ.

මේ අනුව  වයඹ පලාත් ආණ්ඩුකාර - අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ , උතුරු පලාත් ආණ්ඩුකාර - ජීවන් ත්‍යාගරාජා  සහ නැගෙනහිර පලාත් ආණ්ඩුකාර - අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීහු  මෙසේ ඔවුන් මෙතෙක් දැරූ ආණ්ඩුකාර  ධූරයන් ගෙන් ඉවත් කොට තිබේ.

පුරප්පඩු වී ඇති ධූර සදහා නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා (17) වන විට පත් කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Latest