Skip to content

සිය ජීවිතය අපායක් කල මිනිසුන්ගෙන් පළිගන්න රොබෝ මිනිසෙක් සැදූ තරුණයෙක්, Movie Review – MOUSA

MOUSA -  මෙම චිත්‍රපටය සඳහා පාධක වී ඇත්තේ තරුණයෙක් හා ඔහු විසින් නිර්මාණය කරන ලද රොබෝවරයෙකි. පැය එකකුත් මිනිත්තු හතලිස් පහක කාලයක් පුරාවටම උක්ත කරුණ මුල් කරගනිමින් කතාංගය ගොඩ නැගී ඇත්තේ ප්‍රේක්ෂකයාට කුතුහලයක් මෙන්ම ත්‍රාසයක්ද ගෙන දෙමිනි. මෙහි මුල් පිටපත අරාභි භාෂාවෙන් යුක්තවේ.

ඊජිප්තු ජාතික විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් වන  Peter  Mimi මෙහි අධ්‍යක්ෂණය සඳහා දායක වී ඇති අතර එහි තිර රචනයද ඔහුගේය. එසේම Mohammed Alsaadi, Tamer Morsi යන අයගේ සම නිෂ්පාදනයක් ලෙසද මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයින් හමුවට පැමිණෙන්නේ 2021වසරේදීය.

චිත්‍රපටයේ කථා නායකයා, Yehia විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙකි. Yehia බොහෝම සාමාන්‍ය තරුණයෙකු වූවත් ඉන්ජිනේරු විද්‍යාවට මෙන්ම ගණිතය විෂයට ඔහු තුල ඇත්තේ විශේෂ හැකියාවකි. ඒ බව පසක් වනුයේ වරක් සිය ආචාර්‍යවරයා (Faris) විසින් ඔහුට ලබා දෙන ගැටලුවක් Faris ටද වඩා හොඳින් ඔහු විසඳීමය.

චිත්‍රපටය ආරම්භ වනුයේ කුඩා දරුවකු යම් සිදුවීමක් දෙස දෑස දල්වා ගෙන සිටින දර්ශණයකිනි. ඒ සමගම පොලීස් නිලධාරීන් යම් කිසි ගොඩ නැගිල්ලක් වෙත පියමනිනු පෙන්නුම් කරන අතරම එහිදී ශරීරයේ Count Down එකක් සමඟ බෝම්බයක් දරා සිටින රොබෝවරයෙක්ද සිටී. අවාසනාවකට එම අවස්ථාවේදී එම රොබෝවරයාගේ ඇඟේ බැඳ තිබෙන බෝම්බය Count Down අගය බින්දුව වී පිපිරීයාමකට පත් වන දර්ශණයක් පෙන්නුම් කරයි.

ඉන් පසු දර්ශණය තුල   Faris, Yehia ගෙන් යම් කරුණක් විමසනු ලබයි. ඒ අතරතුර Faris විසින් Yehia ගේ ලිපිගොනුවක් ගෙන ඔහුට එය කියවයි. චිත්‍රපටයේ ඊලඟ දර්ශණ ගෙතී ඇත්තේ එම කතාව තුලය.

මෙම කතාව තුල Yehia ගේ හොඳම යෙහෙලිය Reika ඇයට සිය විශ්වවිද්‍යාලයීය දේශන තුල නොතේරෙන දේවල් Yehia ගෙන් අසා දැනගනී. දිනක් ඇය විසින් ඇයට නොතේරෙන යම් සමීකරණයක් විසඳා ගන්නා ආකාරය Yehia ගෙන් අසා සිටිනවා. මෙ පිළිබඳව කිපෙන ඔවුන්ගේ ආචාර්‍ය්වරයා වන Faris විසින් Yehia ට එය පන්තියේ පෙරට පැමිණ විසඳන ලෙස පවසයි. ඒ අනුව පෙරට යන Yehia එය සිය ආචාර්‍ය්වරයාටද වඩා හොඳින් වෙනත් සමීකරණයක් උපයෝගී කරගනිමින් විසඳා නිම කරයි. එහෙත් ඒ පිළිබඳව නුරුස්සන Faris , Yehia ට පංතියෙන් පිටවන ලෙස අණ කරයි.

මේ සිදුවීම Yehia විසින් සිය පියාට එදින රාත්‍රියේදී පවසා සිටී. කෙසේ වෙතත් .Yehia ගේ පියාද (Saley)  ඔහු කුඩා කල Yehia මෙන්ම අනෙක් තරුණයින්ගෙන් තාඩන පීඩන වලට ලක් වූ අයෙක්. මේ පිලිබඳව දැනගන්නා Yehia එයින් යම් අස්වැසිල්ලක් ලබයි. මේ කථා බහ අතර තුර එදිනම රාත්‍රියේ තවත් පුද්ගලයෙක් ඔවුන්ගේ නිවසට පැමිණ නිවසේ කුලී මුදල් ඉල්ලීම සිදු කරයි. එම කරුණ මුල් කරගනිමින් Yehia ගේ පියා සහ එම බාහිර පුද්ගලයා අතර යම් වචන හුවමාරුවක් ඇතිවේ. ඉන් අනතුරුව Yehia සහ ඔහුගේ පියා නැවත නිවස තුලට පැමිනේ. පසුව Yehia විසින් ඔහු නිර්මාණය කරන ලද කුඩා රොබෝ මිනිසෙකු සිය පියාට පෙන්වා එහි ක්‍රියාකාරීත්වයද විස්තර කරයි. මේ අතර තුර Yehia විසින් සිය වැඩිමහලු සහෝදරයා පිළිබඳව පියාගෙන් විමසයි. පියා පවසන්නේ ඔහු ඉතා හොඳ තරුණයෙකු වූ බවයි. එමෙන්ම ඔහුගේ නම MOUSA වු බවද පියා පවසයි. මෙනිසාම Rehia විසින් සිය රොබෝ මිනිසාටද MOUSA යන නම තබයි. මෙම MOUSA ට අසීමිත ශක්තියක් ඇත. Yehia ඒ පිළිබඳව සිය පියාටද විස්තර කරනු ලබයි.

මේ අතර තුර Yehia ගේ පියා හා ගැටුමක් ඇති කරගත් පෙරකී පුද්ගයලා තවත් පිරිසක් සමඟ ඔවුන්ගේ ගේ නිවසට පැමිණ Yehia ගේ පියාට පහර දී නිවසද ගිනි තබා විනාශ කර දමයි. එහෙත් Yehia ගේ ඇති බියගුලු කම නිසාම ඔහු සිය පියා බේරා ගැනීමට මෙහිදී ඉදිපත් නොවෙයි. අවසානයේ පසුදා ගිනි නිවන භටයින් පැමිණ පියාගේ දැවුනු සිරුර නිවසින් පිටතට රැගෙන යනු ලබයි. මේ සියලු සිදුවීම් වලින් දැඩි කම්පනයට පත්වන Yehia නිවසේ දොරගුලු ලා සිය දිවි නසා ගැණීමට තීරණය කරයි. එහෙත් ඒ මොහොතේදී පියාගේ ආත්මය ඔහු ඉදිරියේ මැවී ඔහුව ඉන් මුදවා ගනු ලබයි. නිවසේ දොරගුලු ලෑම නිසාම මේ මොහොතේදී Yehia ට නිවසින් පිටත් වීමට නොහැකි වේ. එනිසා ඔහු විසින් ඒ මොහොතේදී ඔහු නිපදවූ MOUSA ගේ පිහිට පතයි. MOUSA විසින් නිවසේ දොර කඩා බිඳ දමා Yehia ට නිවසින් එළියට යාමට සලසා දේ. මින් මහත් සතුටට පත්වන Yehia , MOUSA  වැඩි දියුණු කර සිය පියාගේ අපරාදකරුවන්ගෙන් පළි ගැනීමට තීරණය කරයි.

මින් පසු සිදුවීම් ජාලය පිළිබඳව අප ඔබට පවසන්නේ නැත. ඒ එහි ඉතිරිය ඔබට කුතුහලයකින් යුතුව නැරඹීමට අවස්ථාව සැලසිය යුතු හේතුවෙනි.

MOUSA චිත්‍ර පටය එතරම්ම කුතුහලය දනවන, ත්‍රාසය පිරිණු කතාවක් වනුයේද එහි අධ්‍යක්ෂකවරයා එය මැනවින් අධ්‍යක්ෂණය කර ඇති නිසාත් එහි විශිෂ්ඨ කැමරාකරණයත් නිසාවෙනි.  එනිසා මෙය නරඹන ඔබට අවසානයේ තවත් විශිෂ්ඨ චිත්‍රපටයක අත්දැකීමක් ලබා ගත හැකි වනු නියතය.

Latest