Skip to content

රෝස පාටින් සිනමාහල් පිරවූ Barbie

කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සිනමා නිර්මාණ අලලා විවිධාකාර රැලි ඇතිවෙනවා. ධනාත්මක හෝ සෘණාත්මක ඕනෑම නිර්මාණයක සාර්ථකත්වයට මේ සමාජ මාධ්‍යජාලා පෙරලිය බොහෝ සෙයින් බලපානවා. උදාහරණයක් විදිහට මතක් කරනවනම් සමාජ මාධ්‍ය ඇතුලේ විශාල පෙරළියක් කරපු Wednesday කතා මාලාව අපිට මතක් කරගන්න පුළුවන්.

හැබැයි මේ කතා කරන්න යන්නේ Wednesday ගැන නෙවෙයි. මෑතකාලයේදී සිනමා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය වෙබ් අඩෙවි තුලත් විශාල පෙරළියක් කරපු වගේම, ලෝකය පුරා අතිශය ජනප්‍රියට පත්වුන Barbie ගැන. ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ Oppenheimer එක්ක කරට කර සටන් වදින්න ජූලි 21 වෙනිදා Warner Bros විසින් අතෑරපු බෝම්බයක් විදිහටත් Barbie හඳුන්වන්න පුළුවන්.

සමාන්‍යයෙන් විශාල හයිප් එකක් එක්ක හැදුනු ෆිල්ම් එකක් තියටර් වලට නිකුත් කරද්දී සමාන්‍ය ෆිල්ම් රිලීස් කරහම වෙන්නෙ ඒ ෆිල්ම් ආදායම අතින් අතිශය පාඩු ලබන එක. හැබැයි Barbie සහ Oppenheimer එක්ක ඒ කතාව සෑහෙන්න වෙනස් වෙලා තියනවා. මේ ෆිල්ම් දෙක වෙනුවෙන් සමාජ මාධ්‍ය ඇතුලේ  Barbenheimer කියලා වෙනස්ම ආකාරයේ campaign එකක් හදුනා. ඒක නිසාම ෆිල්ම් දෙක වෙනුවෙන් දෙපැත්තට බෙදිලා හැදුන රැල්ලත් එක්කම විශාල පිරිසක් මේක බලන්න තියටර් වලට ගිහින් තියනවා.

Barbenheimer කියන campaign එකේ ප්‍රතිපලයක් විදිහට දින 15ක් වැනි කෙටි කාලයක් තුල Oppenheimer පරාද කරමින් ඇමරිකානු ඩොලර් බිලියනයෙ සීමාව පසු කරලා තියනවා. ඉතින්  මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 1.4කට අධික ආදායමක් උපයන්න Barbie ෆිල්ම් එකට  හැකිවෙලා තියෙනවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ  Little Women(2019), Lady Bird(2017) වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සම්මාන ලාභී අධ්‍යක්ෂක Greta Gerwig.  ඒ වගේම අපි කොයි කවුරුත් Harley Quinn විදිහට හඳුන්වන Margot Robbie සහ Ryan Gosling දෙදෙනා ප්‍රධාන වශයෙන්  මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙලා තියනවා. IMDb හි  7.3 ඉහල අගයක් සහ Rotten Tomatoes 83%ප්‍රේක්ෂක අගයක් වගේම TOMATOMETER හි 88% ලබාගෙන ඉදිරි මට්ටමකින් සිටින මේ නිර්මාණයට  Will Ferrell, Emma Mackey, Simu Liu, Michael Cera, Kate McKinnon, America Ferrera, Hari Nef, Ariana Greenblatt, Ncuti Gatwa, Connor Swindells වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් දායක වෙනවා.

ඇත්තටම කවුද මේ Barbie කියන්නේ?

Barbie කියන කන්සෙප්ට් එකේ නිර්මාතෘවරිය වෙන්නේ මැටල්(Mattel) බෝනික්කො හදන සමාගමේ සම නිර්මාතෘවරියක් වන Ruth Handler. දවසක් Ruth දකිනවා ඇයගෙ දුව බෝනික්කො එයාගෙ හීන සහ ෆැන්ටසි වගේ බෝනික්කන්ව සරසනවා . ඉතින් Ruth හිතනවා  කුඩා ගැහැණු ළමයින්ට තමන්ව දිරිමත් කරන්න පුළුවන් සහ මානසික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන් බෝනික්කෙක් ඕනෙ කියලා. ඒ අනුව Ruth 1956 දී  Barbie කියන බෝනික්කා නිර්මාණය කිරීමේ සංකල්පය Mattle එකට ඉදිරිපත් කරනවා. ඒ  Barbie කියන බෝනික්කට ඕන දෙයක් වෙන්න පුළුවන් කියන සංකල්පයත් එක්ක ( වෛද්‍යවරියක්, ගුරුවවරියක්, ගුවන් නියමුවෙක්, ගඟනගාමියෙක් වුණත්.) ඉතින් Barbie ගේ අනාගතේ ගැන දැකපු Mattel එක තීරණය කරනවා Barbieව නිර්මාණය කරන්න. ඒ අනුව 1959 මාර්තු මාසයේදී නිළ වශයෙන් Barbie  වෙළඳපොලට හදුන්වා දෙනවා.

Ruth Handler සහ ඇගේ සැමියා වන Elliot Handler

Barbieව නිර්මාණය කරල තියෙන්නේ ශක්තිමත්, ස්වාධීන, ඕනම දෙයක් කරන්න පුළුවන් දෙයක් විදිහට, ඒ නිසා මේක සමාජය තුල සීග්‍රයෙන් ප්‍රචාරය වෙන්න ගන්නවා. ඒකට පුළුවන් වෙනවා සමාජය සහ පවතින සංස්කෘතික තුල විශාල බලපෑමක් එල්ල කරන්න. ඉතින් Barbieට පුළුවන් වෙනවා ඉතා ඉක්මනින්  බෝනික්කෙක්ට වඩා වැඩි දෙයක් බවට පත් වෙන්න.  Barbie ගේ සැබෑ සංකල්පය තමයි සමාජය තුල කාන්තා ශක්තිය පිළිඹිබු කරලා පෙන්නන එක. කොහොමහරි අවසානයේදී සමාජයේ දකින්න තිබෙන කාන්තා ශක්තියේ සලකුණ බවට Barbie පත් වෙනවා.

ඒ අනුව Barbie මේ වෙනකොට බ්‍රෑන්ඩ් එකක්, කාන්තා ශක්තියේ සංඛේතයක් වගේම මේ සංස්කෘතියෙ කොටසක් බවට පත්වෙලා හමාරයි. ඒ අතරම  Barbie නමින් ඇනිමේශන් ෆිල්ම්, ටීවී සීරිස් රැසක් නිෂ්පාදනය වෙලා තියෙනවා.

මේ ෆිල්ම් එක ලස්සන සිංදු ටිකක් එක්ක යන හාස්‍ය සමග මුහුවෙලා සමාජෙට වටින පණිවිඩයක් දෙන ෆිල්ම් එකක්. මෑතකදි ඉතා ජනප්‍රියට පත් Dua Lipa ගෙ Dance The Night සිංදුවත් Billie Eilish ගෙ What Was I Made For? සිංදුවත් තියෙන්නේ මේ ෆිල්ම් එකේ.

Dance The Night
What Was I Made For?

අහලා නැති අයට අහන්න මම ඒ සිංදු දෙකත් පහලින් එකතු කරලා තියනවා. අවසාන වශයෙන් Barbie ගැන කියන්නම ඕනි තවත් එක කාරණාවක් තියනවා.  ඇමරිකානු ඩොලර් මිලියන 145ම පිරිවැයකින් නිර්මාණය කරපු Barbie  අඩු කාලයකින් වැඩිම ආදායම් වාර්තා අතරට එක්වෙන්න හැකිවුණා වගේම,

  1. කාන්තාවක් තනිව අධ්‍යක්ෂණය කල (Solo Directed) ඩොලර් බිලියනය පසුකල ප්‍රථම සිනමා නිර්මාණය.
  2. වැඩිම ඩොමෙස්ටික් ආදායමක් ලද, කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කල සිනමා නිර්මාණය
  3. වැඩිම ආදායමක් ලද කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කල දෙවෙනි සිනමා නිර්මාණය
  4. 2023 වසරේදී ඩොලර් බිලිනයක ආදායමක් වාර්තා කල පලමු ලයිව් ඇක්ෂන් සිනමා නිර්මාණය
  5. මේ වනවිට අවුරුද්දේ වැඩිම ආදායමක් ලද සිනමා නිර්මාණය.
  6. Warner Bros  ඉතිහාසයේ දැවැන්තම ආදායමක් ඉපැයූ සිනමා නිර්මාණය.
  7. Ryan Gosling සහ Margot Robbie දෙන්නගෙම ඩොලර් බිලියනය පසුකල මුල්ම සිනමා නිර්මාණය.

වැනි වාර්ථා රැසක් සමගින් වේගයෙන්ම ඩොලර් බිලියනය වාර්ථා කල සිනමා නිර්මාණය අතර හයවෙනි ස්ථානයට පැමිණීමට Barbieට හැකියාව ලැබිලා තියනවා. නොබලපු අයට බලන්න ෆිල්ම් එකේ ට්‍රේලර් එක 👇👇

Latest