Skip to content

කිලෝ 1550 ක බර වාහනයක් රැවුලෙන් ඇද ලෝක වාර්තාවක්


කිලෝ ග‍්‍රෑම් 1550 ක් බරැති වාහනයක් සිය රැවුල අධාරයෙන් ඇද වාර්ථාවක් පිහිටුවිමට යාපනයේ පදිංචි පුද්ගලයෙකු සමත්ව තිබේ. වයස අවුරුදු 59 වන චෙල්ලයියා තිරුචෙලවමි මෙම වාර්තාව පිහිටුවා ඇති අතර ඔහු මිනිත්තු 07 යි තත්පර 48 කින් අදාල වාහනය මිටර් 400 ක් ඇද ලෝක වාර්ථාව පිහිටුවා තිබේ.
යාපනය අයින්ගරන් ප‍්‍රජා මධ්‍යස්ථානය අසලදී අදාල නිළධාරීන්  ඉදිරිපිට මෙම ලෝකවාර්ථාව පිහිටුවිමට ඔහු සමත්ව ඇති අතර මෙම අවස්ථාව දැක් බලා ගැනීම සදහා ප‍්‍රදේශවාසීන් ඇතුළු පිරිසක්ද සහභාගී විය.

Latest