Skip to content

ඇස් රෝහලේදී කාන්තාවක මරණයට පත් කල එන්නත භාවිතයෙන් ඉවතට.

ජාතික අක්ෂි රෝහලේදී ශල්‍යකර්මයක් අතරතුර නිර්වින්දන එන්නතක් ලබා දීමෙන් පසු හෘදය අකර්මන්‍ය වීමෙන් මිය ගිය කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කරයි.

සිද්දියෙන් මිය ගියේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.

එම ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධ සියල්ලම පරීක්ෂා කිරීමට මේ වන විට ජාතික තත්ත්ව රසායනාගාර වෙත යොමුකර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා කියයි.

එලෙස මියගිය කාන්තාවගේ හෘදය වස්තුව ශල්‍යකර්මයට පෙර සිටම සීයට අසූවක් පමණ අවහිර වී තිබූ බවත් නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව ඇයගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කලේය.

Latest