Skip to content

රුමේනියාවේ රැකියා සිහින පෙන්වූ කාන්තාවක් අත්අඩංගුවට.

රුමේනියාවේ විදේශ රැකියාවන් ලබාදෙන බව පවසමින් රු. ලක්ෂ 26 කට අධික මුදලක් වංචා කළ ජාඇල ප්‍රදේශයේ 56 හැවිරිදි  කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (20) අත්අඩංගුවට ගත් බව එම කාර්‍යාලය සඳහන් කලේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් වෙත ලැබී තිබුණු පැමිණිලි 06ක් මත සිදුකරනු ලැබූ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස කඳාන ප්‍රදේශයේ සැකකාර කාන්තාවගේ නිවසේදී  ඇය අත්අඩංගුවට ගත් බවත් ඒ වනවිට සැකකාරියට  එරෙහිව ලැබී තිබූ පැමිණිලි වල මුලු වටිනාකම රුපියල් විසිහය ලක්ෂ හැත්තෑපන්දහසක් බවත් එහි නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට පත් සැකකාරිය ජූනි 20 වන (අද) දින වත්තල ගරු අධිකරණය හමුවට පැමිණවීමට නියමිතයි.

Latest