Skip to content

ජපන් සිහින පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට.

ජපානයේ කර්මන්ත ශාලාවක රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් 1,075,000 ක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක්ව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවක්වය.

ජපානයේ කර්මාන්ත ශාලාවක රැකියා ලබා දෙන බව පවසමින් කාන්තාවක් විසින් මුදල් ලබා ගෙන වංචාවක් සිදු කර ඇති බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත පැමිණිළි කර ඇත.අනතුරුව එම පැමිණිළිකරුවන් විසින් තමන්ගෙන් මුදල් ලබා ගත් බව කියන කාන්තාවද විදේශ රැකියා නියුක්ති කාර්යංශය කැදවා ගෙන ඒමට කටයුතු කර තිබුණි.

අනතුරුව රජයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන වංචා කිරීම යන චෝදනාව යටතේ සැකකාරියව අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සදහන් කරයි. අත්අඩංගුවට ගෙන තිබූ කාන්තාව 08 වෙනිදා තලංගම පොලීසිය බාර දී ඇත. ඇය 09 වෙනිදා අළුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Latest