ගෘහස්ත සුනඛයින් සහ බළලුන් සදහා වන සායනයක් අඛණ්ඩව පැය 48 ක් පුරා පැවැත්වීමට අනුරාධපුරය පශු වෛද්‍ය කාර්යලය පසුගියදා කටයුතු කරන ලදි.
ගෙවී ගිය සතියේ පැවති මෙම සායනයේදී සැත්කම් 200 ක්, කුෂ්ඨ රෝග තිබූ සතුන් 120 කට ප්‍රතිකාර කිරීම සහ 300 කට අධික සතුන්ට ජල භීතිකා එන්නත් ලබා දීමද සිදු කරන ලදි.
සාමාන්‍යයෙන් ගැහැණු සුනඛ සතෙක් වසරකට දෙවරක් පැටවුන් බිහි කරයි. ගැහැණු බළලුන් වසරක සිව් වතාවක් පැටවුන් බිහි කරයි. ඒ අනුව ගෘහස්ථ සහ අයාලේ යන සුනඛයින් සහ බළලුන් බිහි කරන දරුවන් රැක ගැනීම වර්තමානයේ ගැටළුවක් බවට පත්ව ඇත. මෙසේ බිහි කරන පැටවුන් ආගමික ස්ථාන සහ පාසල් ආසන්නයේ මෙන්ම පොදු ස්ථාන වල මුදා හැරීමට ඇතමුන් කටයුතු කරති.
මෙරට පවතින සංස්කෘතිය අනුව සතුන් ඝාතනය කිරීමටද නොහැකිය. ඒ අනුව කළ හැකි එකම විකල්පය වන්නේ එම සතුන් වන්ධ්‍යාකරණ සැත්කම් වලට ලක් කිරීම බව වැඩ සටහනට එක්වූ පශු වෛද්‍ය ප්‍රදීප් නන්දදාස මහතා සදහන් කරයි.
අනුරාධපුරය ප්‍රදේශයේ අයාලයේ යන සුනඛයින් සහ බළලුන් සදහා ජල භීතිකා එන්නත් කිරීමේ සහ එම සතුන්ට ප්‍රතිකාර කිරීමේ වැඩ සටහනක්ද මේ සමගම ක්‍රියාත්මක විය.


