අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි..
ජනපති ජෝ බයිඩන් ගේ පාලනය විසින් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමට ගත් තීරණය තුන්වැනි ලෝක යුද්ධයක ආරම්භයක් විය හැකි බව අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සදහන් කල බව අද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
බයිඩන් ජනාධිපතිවරයා විසින් දැන් සිදුකළ යුතුව ඇත්තේ මෙම විනාශකාරී යුද්ධය නැවැත්වීමට කටයුතු කිරීම බවත් පොකුරු බෝම්බ මානුෂීය මෙන්ම ක්‍රමෝපාය හේතූන් මත වුවද භාවිත නොකළ යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී සදහන් කර තිබේ.
පොකුරු බෝම්බ එකක් සිය ගණනකට වෙන්වී විශාල ප්‍රදේශයක පැතිරෙන බවත් පොකුරු බෝම්බ දශක ගණනාවකින් වුවද පිපිරීමට ලක්විය හැකි බැවින් අහිංසක යුක්‍රේන වැසියන් විනාශකර දැමිමේ ප්‍රතිඵලයක් බවද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙන්වාදී තිබේ.
ජනපති බයිඩන් යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් උමතුවෙන් කටයුතු කරන බවත් එම යුද්ධය නිසා අමෙරිකාව තවදුරටත් දුර්වල වන බවද හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.