මුලින්ම මෙම සිනමා පටය මාගේ අවධානයට ලක්වූ ආකාරය කෙටියෙන් සටහනක් තැබීම වටිණේයයි සිතුණි. ඉකුත් දා හසා සහ බෘනෝ පොඩ්කාස්ටයක් හරහා සඳහන් කල 'කොඩි ගහ යට' ටෙලි නාට්‍යය ඉතා ආදරයෙන් වැළඳ ගෙන රසවිඳිමින් සිටිනා පසුබිමක, අහම්බයකින් Xavier Kanishka ගේ YouTube පිටුව වෙත යොමු වීමට අවස්ථාවක් ලදිමි. එහිදී ඔහු සඳහන් කර තිබූ ඔහුගේ ප්‍රියතම චිත්‍රපට 10 පිලිබඳව කෙටි හැඳින්වීමක් ඇතුලත් වීඩියෝ පටයේ Crime/ Thriller නිර්මාණයක් වශයෙන් දක්වා තිබූ NightCrawler 2014 බාගත කර රසවිඳීමටත් ඒ අපූරු නිර්මාණයේ වත ගොත ඔබ සමග බෙදා ගැනීම සඳහාත් මෙම සටහන තැබීමට උත්සුක වුනෙමි.
Louis Bloom අපගේ කථා නායකයා රැකියා වියුක්තිකයෙකි. මුල් කාලීනව මුදල් ඉපයීම සඳහා ඔහු තෝරාගනු ලබන මාර්ගය සොරකම් කිරීමයි. තම හොර බඩු අලෙවි කරන ආයතන ප්‍රධානීන් ගෙන් පවා රැකියා අවස්ථාවක් ඉල්ලීමට ඔහු උත්සුක වන අතර, ඔවුන් ගේ ප්‍රතිචාරය වනුයේ " I'm not hiring a thief " යනුවෙනුයි. නමුත් එක්තරා රාත්‍රියකදී රිය පදවාගෙන යමින් සිටින ඔහුගේ ගමන් මාවතම උඩු යටිකුරු එකක් වනුයේ මාර්ගයේ සිදුව තිබූ රිය අනතුරක් නිසාවෙනි. පසෙකින් වාහනය නවතා ඒ පිලිබඳ විමසිල්ලෙන් පසුවන ඔහු දකින්නේ ඇමරිකාවේ සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන TV Crew එකක් මෙම සිදුවීම වාර්තා කරන ආකාරයය.
වැඩේ අපූරුය. කර්තව්‍යයට එළඹීමට ප්රාග්ධනය සොයා ගැනීම සඳහා Racing පාපැදියක් සොරා ගන්නා Bloom කුඩා ප්‍රමාණයේ කැමරාවක් සහ පොලිස් emergency alerts සඳහා සවන්දිය හැකි උපකරණයක් මිලට ගෙන සිය ආරම්භය ගනු ලබයි. Breaking News, CarHiJacking, Police Shootings වැනි උදෑසන ප්රවෘත්ති සඳහා උවමනා වීඩියෝ ගත කිරීම් ඔහුගේ කුඩා කැමරාවෙන් වෙනත්ම ආකාරයකින් සහ තරමක් අවධානම් සහගත අයුරින් රූගත වේ. News KWLA ආයතනය ද ඔහුගේ මේ වෙනස්ම ආකාරයේ වීඩියෝ පට වෙනුවෙන් වඩා හොඳ මුදලක් ගෙවීම සඳහා පසුබට නොවේ.
ක්‍රමයෙන් අත මිට සරු වනවාත් සමගම වේගයෙන් සිදුවීම් වාර්තා කිරීම සඳහා Dodge Challenger කාර් රථයක්, නවතම සන්නිවේදන උපකරණ සහ කැමරා ආම්පන්න වලින් සන්නන්ධ වන bloom සහ ඔහුගේ හවුල්කරු සිදුවීම් වාර්තාකරණයේ හිණිපෙත්තට පැමිණෙයි. කතාවේ අඳුරු පැතිකඩ ඉනික්බිතව ආරම්භ වන ආකාරයත් හවුල්කරුගේ ජීවිතය පවා බිල්ලට දෙමින් ඔහුගේ ව්‍යාපාරය ශක්තිමත්ව ගොඩනගා ගන්නා ආකාරය පිලිබඳවත් ලිහා ගැනීමට ඔබ වෙත ඉඩ තබමි.
සිනමා පටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කරනු ලබන්නේ සුවිශේෂී නිර්මාණ රැසක්ම ක්ෂේත්රයට දායාද කල Dan Gilroy විසිනුයි. ඔස්කාර් සම්මානයකට පවා නිර්දේශ වී ඇති (Best Writing, Original Screenplay / Dan Gilroy) NightCrawler සිනමා පටය ලබා ඇති මුලු ජයග්රහණයන් ප්‍රමාණය 44කි. පන්ලක්ෂ හැත්තෑ පන් දහසක වැනි IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර අතුරින් 7.8/10 ශ්‍රේණිගත කිරීමකට ලක්වීම හරහාම මෙහි ඇති කතා රසය සහ නිර්මාණයේ ගුණාත්මකභාවය පිලිබඳව ඔබට අවබෝධයක් ලබා ගැනීමට පුලුවන.
Jake Gyllenhaal ගේ විශිෂ්ඨ රංගණ දායකත්වය පිලිබඳව මෙහි ලා කතා නොකරම බැරිය. තමා කරන කාර්ය වෙනුවෙන් ඔහු තුළ වන කැපවීම, යම් යම් අරමුණු ඉටු කර ගැනීම උදෙසා දක්වන ප්රයත්නය සියුම්ව සහ වඩාත් තාත්විකව ඔහු විසින් ගෙනහැර දක්වයි. Rene Russo සහ Riz Ahmed වැනි නලු නිළියන් ගේ දක්ෂතාවය ද අගය කල යුතුමය.
Dan Gilroy විසින් ප්‍රශ්ණ කිහිපයක් සමාජයට ඉතිරි කරනු ලබයි.
* මාධ්‍ය සදාචාරය දැවැන්ත නාලිකා තුල තිබෙනවා ද?
* සංවිධානාත්මක අපරාධ මෙන් මාධ්‍ය නාලිකා මෙහෙයවීම තුල තිබෙන්නේත් වෙනත් යටි අරමුණුද?
* වාර්තාකරණය කරනු ලබන සිදුවීම් වල ඇතැම් කරුණු ඔවුන් අපගෙන් සගවනවා ද?
ඉදින් මග නොහැර ඔබ විසින් නැරඹිය යුතුම සිනමා පටයක් ලෙසට NightCrawler යෝජනා කල හැකිය. Xavier Kanishkaගේ අදහසත් පූර්ව ප්රචාරක පටයත් ඔබට පහත සබැඳියන්ගෙන් නැරඹිය හැකියි.