Skip to content

පොලිස්පති පත්කිරීම ගැන හදීසි රුස්වීමක්.

දැඩි කතාබහකට ලක් වූ පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා අද (09) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවත්වීමට නියමිතව ඇතැයි වාර්ථා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද සහභාගීවන අතර එම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු පොලිස් පති සී.ඩී. වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබාදෙන්නේද එසේත් නැතිනම් අලුත් පොලිස්පතිවරයෙක් නැවත පත්කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයකට එලඹෙනු ඇත.

හිටපු පොලිස්පති පසුගිය ජුනිමස 26 වනදා සේවා කාලය අවසන් වීමෙන් අනතුරුව පොලිස්පති ධූරය සඳහා පුරප්පුාඩුව මේ වන විට දින 13 ක් ගෙවී තිබියදීත් නව පොලිස්පතිවරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහකට ලක්ව තිබේ.

කෙසේ වෙතත් හෙට දිනයේදී පවත්වනු ලබන තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව පොලිස්පතිවරයා සමබන්ධයෙන් අවසන් තීරණය ගනු ඇති බවටද වාර්ථාවෙයි.

Latest