Skip to content

වෘත්තීය සමිතිවල කට වහන්න හදන සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේඛයට එරෙහිව 03 වෙනිදා සිට වර්ජනයක්! - රවී කුමුදේශ්

සෞඛ්‍ය සේවාවට එරෙහිව නැගෙන චෝදනා නිවැරදි කිරීම වෙනුවට ඒවා හෙලිදරව් වීම වැළැක්වීම සඳහා විනය නීතී දඩමීමා කර ගනිමින් මාධ්‍යට අදහස් දැක්වීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම් වරයා නිකුත් කල චක්‍රලේඛයට විරෝධය පල කිරීමට අගෝස්තු  තුන් වෙනිදා උදෑසන 8 සිට ඒකාබද්ද වැඩ වර්ජනයක් දියත් කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකමතිකව තීරණය ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව නියෝජනය කරමින්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

‌‌‌‌මේ මොහොතේ වර්ජනයකට යෑමට තමන් කිසිසේත් අපේක්ෂා නොකළ නමුත්, ඖෂධ සමාගම්වල අණ කිරීම් වලට සහ දේශපාලන මැදිහත් වීම් වලට යට වෙමින්, සෞඛ්‍ය වෘත්තීය සමිති දඩයම් කිරීම සඳහා සෞඛ්‍ය ලේකම් වරයා නිකුත් කල චක්‍රලේඛය සමස්ථ  නිදහස් සෞඛ්‍ය සේවාවට එරෙහි එකක් බැවින් එම අසීරු තීරණයට එළඹීමට වෘත්තීය සමිති වලට සිදූ වූ බව, රවී කුමුදේශ් මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.‌‌‌‌‌‌‌

කෙසේ වෙතත්, එහිදී රෝගීන්ට ඇති විය හැකි සියලු අපහසුතාවයන්හි වගකීම සෞඛ්‍ය ලේකම්වරයා විසින් භාර ගත් යුතු බව අද දින එන් එම් පෙරේරා මධ්‍මධ්‍යස්ථානයට රැස් වූ සෞඛ්‍ය වෘත්තීය සම්ති වැඩිදුරටත් අවධාරණය කළේය.

Latest