Skip to content

Covid-19 ගැන අපි ඇත්තටම දන්නේ මොනවාද?

Covid-19 වෛරසය එන්නත් (Vaccines) සඳහා මහජන පිළිගැනීම ඉහළ නැංවීම සඳහා ගෝලීය වසංගතයක් අවුලුවාලීමේ අරමුණින් එක්සත් ජනපදය විසින් චීනයේ වුහාන් හිදී "හිතාමතාම මුදා හරින ලද" බව පේටන්ට් විගණනය පිළිබඳ විශේෂඥයෙකු විසින් පැවසුවේය.

M Cam වත්කම් කළමනාකරණ සමාගමේ ආරම්භක සභාපති ඩේවිඩ් මාටින් මේ මස මුලදී බ්‍රසල්ස් හි යුරෝපීය පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර කෝවිඩ් සමුළුවේදී කියා සිටියේ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය පැතිරීමට හේතු වන කොරෝනා වෛරස් දෙකම (SARS - 2003, Covid-19) සෑදීමට එක්සත් ජනපදය වගකිව යුතු බවයි.

ඩේවිඩ් මාටින්

තුන්වන වරටත් පැවැත්වූ මෙම සමුළුවේ ගෝලීය වසංගතය සමාජයට දැක්වූ ප්‍රතිචාරය සාකච්ඡා කිරීම සඳහා ලොක්ඩවුන් විරෝධී උපදේශකයින්ගේ (Anti-Lockdown Advocates) සිට වෛද්‍ය විද්‍යාල කථිකයන් දක්වා ඇතුළත් විය. වසංගතය ඇති කළ කොරෝනා වෛරසය ස්වභාවිකව ඇති වීම වෙනුවට මිනිසා විසින් සාදන ලද බවට ඇති හැකියාව පිළිබඳව කථිකයන් විසින් සාකච්ඡා කරන ලදී.

ඔහුගේ කතාවේදී මාටින් මෙසේ පැවසීය.

"පසුගිය වසර කිහිපය තුළ අප සිදු වූවා යැයි කියන වසංගතය එක රැයකින් සිදු වූවක් නොවේ. ඇත්ත වශයෙන්ම, කොරෝනා වෛරසය භාවිතා කරමින් මෙම විශේෂිත වසංගතය වෙනත් කාලයකදී ආරම්භ විය."

ඔහු පැවසුවේ 1965 දී විද්‍යාඥයින් විසින් කොරෝනා වයිරසය රෝග කාරකයක ආකෘතියක් (Model Of A Pathogen) ලෙස සොයා ගත් බවයි. කොරෝනා වයිරස් වෙනස් කළ (Modified) හැකි බව ද ඔවුන් සොයා ගත්හ.

"පසුව අපි බල්ලන් සහ ඌරන් වැනි සතුන් තුළට කොරොන වයිරසයක් දමා එය වෙනස් කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට පටන් ගත්තෙමු,"

මාටින් පැවසුවේ එවැනි ක්‍රමයක් 1990 දී එක්සත් ජනපද ඖෂධ දැවැන්තයෙකු වන ෆයිසර්ගේ පළමු කොරොන වයිරස් ස්පයික් ප්‍රෝටීන් එන්නත සඳහා පදනම වූ බවයි.

නමුත් එම එන්නත් සාර්ථක නොවන බව වෛද්‍ය අංශය සහ ඖෂධ නිෂ්පාදකයින් ඉතා ඉක්මනින් සොයා ගෙන ඇත.

“කොරෝනා වයිරසය සුමට ආකෘතියක් (Malleable Model) වන නිසා එය විකෘති (Mutates) වේ. සෑම වෛද්‍ය ප්‍රකාශනයක්ම නිගමනය කළේ එන්නතක් නිපදවීමට නොහැකි තරම් වේගයෙන් එය වෙනස් වීම සහ විකෘති වීම නිසා කොරොන වයිරස් එන්නත් වලින් බේරි යන බවයි."

2002 දී, උතුරු කැරොලිනාවේ විශ්ව විද්‍යාලයක් "ආසාදිත ප්‍රතිනිර්මාණ දෝෂයක් (Infectious Replication Defective)" වර්ධනය කිරීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කර ඇත. එය මාටින් විසින් අර්ථකථනය කළේ "පුද්ගලයින් ඉලක්ක කර ගැනීමේ ආයුධයක්."ලෙසය. මාටින් පැවසුවේ මාරාන්තික ආසාදනය ඇති කළ කොරෝනා වෛරසය චීනයෙන් නොවන බවත් එය ස්වභාවිකව ඇති වීම වෙනුවට “නිර්මාණය” කළ බවත්ය.

ඔහුගේ සම්පූර්ණ කතාව අනිවාර්‍යෙන්ම ඔබ විසින්ම නැරඹිය යුතු කතාවකි.

Latest