Skip to content

කූමාන්කුලම ග්‍රාම නිළධාරී සේවා ස්ථානයෙන් භාවිතයට නුසුදුසු හාල් තොගයක් හමුවෙයි.

කූමාන්කුලම ග්‍රාම නිළධාරි සේවා ස්ථානය.

වවුනියාව, කූමාන්කුලම ග්‍රාම නිළධාරි කාර්යාලයේ තිබි භාවිතයට නුසුදුසු හාල් කිලෝග්රැම් 4,860 සොයාගත් බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසති.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ ලද තොරතුරක් මත කූමාන්කුලම ග්‍රාම නිළධාරි කාර්යාලය පරීක්ෂා කිරීමේදී 26 වැනිදා සවස අදාළ හාල් තොගය හමුවු බවයි.

කිලෝග්රැම් දහය බැගින් වු උර 486 ක් එහි තිබි හමුවු බවත්, අදාළ හාල් තොගය භාවිතයට ගත නොහැකි ලෙසට ගුල්ලෝ ගසා තිබු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූහ.

පසුගිය රජය මඟින් අඩු ආදායම්ලාබී පවුල් වෙත ලබාදීමට ගොඩගසා තිබු හාල් උර තොගයක් එලෙස භාවිතයට ගත නොහැකි ලෙසට ගුල්ලෝ ගසා තිබු බවද ප්‍ර දේශවාසීන් පැවසූහ.

හාල් ගබඩා කොට තිබු ගබඩාව මුද්‍රා තැබු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Latest