Skip to content

ඉන්දියාවෙන් ගෙන්වන ලද කල් ඉකුත් වූ බිත්තර තොගයක් දුම්මලසූරියේ ගබඩාවක.

ඉන්දියාවෙන් ගෙන්වන ලද, මුද්‍රා මකා දමා, දේශීය නිෂ්පාදන ලෙස අලවි කිරීම සදහා බිත්තර තොගයක් ගබඩා කර තිබූ ස්ථානයක් සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් සොයා ගෙන ඇත.

දුම්මලසූරිය - ඇතුන්ගහකොටුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක මෙම බිත්තර ගබඩවා පවත්වා ගෙන ගොස් ඇත.

නරක්වූ දුගද හමන බිත්තර තොගයක් අලවි කරන බවට වන තොරතුරක් සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයට ලැබී ඇත. ඇතැම් විට මෙම බිත්තර ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා කල් ඉකුත් වූ ඒවා වීමට ඉඩ ඇති බවද එම තොරතුරේ සදහන් වී ඇත. එම තොරතුරට අනුව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අදාල ගබඩාව වටලා ඇත.

එම ගබඩාව තුළ බිත්තර පිරවන ලද පෙට්ටි 100 කට වැඩි ප්‍රමාණයක් තිබී ඇත. එම බිත්තර වලින් වැඩි ප්‍රමණයක් ඇතුළත සෙලවෙන නරක්වී ඇති ඒවා බවට නිගමනය කරන්නට බිත්තර නිෂ්පාදකයින්ට හැකි වී ඇත. එම බිත්තර පළුදු කර බැළු විට කළු පැහැ ගැන්වූ දගදහමන තත්ත්වයක්ද දක්නට ලැබුණි.

මුහුණු පොත හරහා ලැබුණු දුරකතන අංකයට ලබා ගත් ඇමතුමක් අනුව එක් බිත්තරයක් රුපියල් 4 ක් වැනි මුදලකට තමන් මිලදී ගත් බවද ගබඩා හිමිකරුවා පවසා ඇත. එසේම මෙම බිත්තර ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව තමන් දන්නා බවත්, මිලදී ගත් බිත්තර වල තබා තිබූ මුද්‍රා හෙට්ටිපොල ප්‍රදේශයේදී මකා ඉවත් කළ බවද ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

මෙම ගබඩාවෙන් බිත්තර තොග වශයෙන් මිලදී ගෙන අලවි කිරීම සදහා රැගෙන ගිය තරුණයින් කීප දෙනෙකුම එම ස්ථානයට පැමිණ පවසා ඇත්තේ කුණු වූ බිත්තර අලවි කිරීම සදහා ගෙන ආ බවට චෝදනා කරමින් ඇතමුන් තමන්ට පහර දීමට සුදානම් වූ බවය.

එම ස්ථානයේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා දුම්මලසූරිය පොලීසියේ නිලධාරීන්ද පසුව කැදවන ලදි.පසුව බිත්තර ගබඩාවට මුද්‍රා තැබීමට පොලීසිය කටයුතු කරන ලදි.

Latest