Skip to content

ඉන්දියාවේ ප්‍රාන්තයක් ගං වත්රෙන් යටවේ

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ඉකුත් රාත්‍රියේ ඇදහැළුණු ධාරානිපාත වැසි හේතුවෙන් ගං වතුර අවධානමක් මතුව තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇසෑම් ප්‍රාන්තයට රතු නිවේදනයක් නිකුත් කර ඇති අතර බ්‍රහස්පතින්දා දක්වා ප්‍රාන්තයේ විවිධ දිස්ත්‍රික්කවලට තද වැසි හෝ ඉතා තද වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර තිබේ. එමෙන්ම මේ හේතුවෙන් ගොවි බිම්, ගම්මාන ඇතුළු ප්‍රදේශ රැසක් එක රැයකින් ජලයෙන් යටව තිබේ. ඒ සමගම දැනට පවතින තත්ත්වය අනුව ඇසෑම් ප්‍රාන්තයේ ගම්මාන 142ක් ජලයෙන් යටවී ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

Latest