Skip to content

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් ගෙන් විශේෂ ඉල්ලීමක්

පකිස්තානය සමග පැවැත්වෙන මෙම ටෙස්ට් තරඟාවලියේන් අනතුරුව තමන්ට නායකත්වයෙන් ඉවත් වීමට අවශ්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැනුම් දුන් බව වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවසීය.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් එසේ පැවසීය.

"මම සමුගැනීම ගැන ඉල්ලීම කරාට පස්සේ නැවතත් තේරීම් කමිටුව මට කතාකරලා කිව්වා තව පොඩ්ඩක් ඇදගෙන යන්න කියලා. නමුත් මම ඒත් කියලා තියෙන්නේ මේ තරගාවලියෙන් පස්සේ නැවතත් ඒක සලකා  බලන්න කියලා. මම කැමතියි ගොඩක් වෙලාවට පිතිකරුවෙක් විදියට සම්පූර්ණ අවධානය දීලා මගේ ඉතිරි කාලය කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න. මම දකිනවා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා මේ තැනට සුදුසු, මේ තැන ගන්න පුළුවන් දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙන ක්‍රීඩකයෝ. මට තනියෙන් ඒක තීරණය කරන්න බෑ තේරීම් කමිටුවත් එක්ක තමයි මම ගොඩාක් වෙලාවට කතාකරලා තීරණය කරන්නේ. ආයෙමත් අපිට තරඟාවලියක් තියෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරිවල. ඉතින් ඒ වෙද්දී මාස ගානක් තියෙනවා කණ්ඩායමට නව නායකයෙක් හදාගන්න. සමහරවිට එයාලා කැමති වුණොත් නව නායකත්වයකට මම කැමැත්තෙන් භාරදීලා පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කරන්න කැමතියි."

වැඩිදුරටත් අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න  එසේ සඳහන් කර ඇත.

Latest