Skip to content

වෙසක් සමයේ ආරක්ෂාවට පොලිසියෙන් විශේෂ වැඩපිළිවෙළක්

වෙසක් සමයේ පොලිසියේ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ
වෙසක් කලාප සදහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබෙන බවයි.



මීට අමතරව අපරාධ වැළැක්වීම සඳහා ක්ෂණික මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා. ජනතාව අතර අපරාධකරුවන් ගැවසීම වලක්වාලීමට  බුද්ධි නිලධාරීන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සේවයේ යෙදවීමට නියමිතය.

රථවාහන පාලනය සඳහා රථවාහන පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර,නතර කිරීමට අවසර නොමැති ස්ථානවල වාහන නතර කළහොත්,එම වාහන ඇදගෙන යාමට පියවර ගන්නා බවද තල්දුව මහතා පවසනවා.

බුද්ධශාසන අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් කර ඉල්ලීමකට අනුව,බුද්ධාගමට නොගැලපෙන කටයුතු සඳහා පොලිසියෙන් අවසර හිමි නොවන බවත්,දන්සැල් සංවිධායකයන්ට දන්සැල අවසන් වීමෙන් පසු විනෝදවීමට පොලිසියෙන් අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.


මාර්ග අවහිර නොවන පරිදි දන්සැල් පවත්වන ලෙසට පොලිසිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරනවා.

වෙසක් සිරි නැරඹීමට පැමිණෙන යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල නියමිත ප්‍රමාණය ඉක්මවා මගින් ප්‍රවාහනයට මෙවර අවස්ථාව ලබා නොදෙන බවත්, වෙසක් සතිය තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවද නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසුවා.

Latest