මුදල් හුවමාරු කිරීම සදහා අවසර ලබා දී තිබූ ආයතන 15 ක බලපත්‍ර අලුත් නොකිරීමට තීරණය කර ඇති බව මහා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
තම මුල්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවත්, ඒ බව පසුගිය පෙබරවරි 22 වැනිදා එම ආයතන වෙත දැණුම් දුන් දී ඇති බවද මහා බැංකුව සදහන් කරයි.
මුදල් හුවමාරු ආයතනයක් පවත්වා ගෙන යාම සදහා ලබා දී තිබූ බලපත්‍ර කොන්දේසි වලට අනුකූල නොවී 2022 වසරේදී කටයුතු කිරීම මහ බැංකුව මෙම තීරණය ගැනීමට හේතුව වී ඇත.
ඒ අනුව 22-23 වසර සදහා අවසර ලබා නොදීමට තීරණය කර ඇති කිසියම් ආයතනයක් තව දුරටත් මුදල් හුවමාරු කරන්නේ නම් එය 2017අංක 12 දරණ විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් බවද මහා බැංකුව සදහන් කරයි.
2023 වසර සදහා මුදල් හුවමාරු කිරීම සදහා වන බලපත්‍ර අළුත් නොකළ ආයතන වල ලේඛණයක්ද මහා බැංකුව විසින් ප්‍රසිද්ධ කර ඇත.
