Skip to content

ඔබේ දරුවන්ගේ ආරක්ෂාව ගැන නිතරම සැලකිලිමත් වන්න.

යාපනය, වඩමාරච්චි නැගෙනහිර මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු හයක දරුවකු ඊයේ(08) සවස මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මරදන්කේණි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ජීවිතක්ෂයට පත් දරුවා එංගලන්තයේ ලන්ඩන් හි පදිංචිකරුවකු වන අතර ඔහු සිය මව සහ පියා සමඟ ඥාතියකුගේ මළගෙදරකට සහභාගී වීම සඳහා පසුගියදා මෙරටට පැමිණ ඇති බවයි.

මව සහ පියා දරුවා ඥාතියකුගේ නිවසෙහි  නතර කර මළගෙදරට සහභාගීවිම සඳහා පිටත්ව ගොස් ඇති අතර  අදාළ අවස්ථාවේ අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ දරුවා සිටි ඥාති නිවස මුහුද අද්දර පිහිටා ඇති බවත් දරුවා කිසිවෙකුට නොපවසා මුහුදට දියනෑම සඳහා ගොස් ඇති බවත්ය.

මුහුදේ ඇති රළු ස්භාවය හේතුවෙන් දරුවා මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත්ව දරුවා බේරාගෙන යාපනය මරදන්කේණි රෝහල වෙත ඇතුළත් කිරීමේදී දරුවා මියගොස් ඇති බවයි.

මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවද පොලිසිය සඳහන් කළහ.

Latest