Skip to content

luxury කාර් 3,000 සමග ඇමලන්ඩ් දූපතේ නැවක් ගිනිගනියි. 1 ක් මරුට 21 ට තුවාල

නෙදර්ලන්තයේ ඇමලන්ඩ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී සුඛෝපභෝගී මොටර්රථ 3,000 ක් රැගත් නෞකාවක ඇති වූ ගින්නක් හේතුවෙන් මේ වනවිට එක් අයෙකු මිය ගොස් තවත් 21 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වර්ථ කොට සිටියි.

ඇමලන්ඩ් දූපතට කිලෝමීටර් 27 ක් උතුරු දෙසින් වූ මුහුදු තීරයේදී මෙම නෞකාවේ ගින්න ඇතිව තිබෙන අතර ගිනි ගැනීමත් සමග කාර්ය මණ්ඩලය විසින් ගින්න නිවා දැමීමට මුලදී උත්සහ ගත්තද එය අසාර්ථක වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය ආරක්ෂිත ස්ථාන කරා යාමට උත්සහ දරා ඇත.

කෙසේ වෙතත් ගින්න ක්‍රමයෙන් වැඩිවීමත් සමග කාර්යමණ්ඩල සේවකයින්ට නැවේ සිටීමට නෙහැකි වූ අවස්ථාවේදී ඇතම් සේවකයින් මීටර් 30 ක පමණ උසක සිට ජීවිතය ගින්නෙන් බේරා ගැනීමට නැවේ සිට වතුරට පැන ඇති බවටද වාර්ථා වෙයි.

මේ අතර නෙනර්ලන්තයේ ගලවාගැනීමේ මෙහයුම් කිහිපයක්ම ක්‍රියාත්මක වූ අතර මේ වනවිටත් මෝටර් රථ විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති අතරම ගිනිගැනීමෙන් විවිධ වර්ගයන්ට අයත් අතිසුඛෝපභෝගී මෝටර් රථද වන බවට විදෙස් මාධ්‍ය අනාවරනය කොට සිටියි.

නැවේ ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර නැවේ සිටින සෙසු කාර්ය මණ්ඩලයද බේරාගැනීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතියි.

Latest