IMF වැඩ සටහනේ කැපවීම සම්බන්ධ ප්‍රගතිය ජූලි මාසය අවසන් වන විට "නොදන්නා" බව ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය සදහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන IMF වැඩ සටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහා වෙරිටේ රිසර්ච් ආයතනය "IMF මීටරය" හදුන්වා දී ඇත. ඉකුත් ජුලි මාසය අවසන් වන විට IMF ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 කින් 35% ක් ඉටු කර අවසන් කර ඇත. 15% ක ප්‍රගතිය "නොදනී" ලෙස වර්ග කර ඇත.
මෙසේ නොදනී ලෙස වර්ග කර ඇති ප්‍රගතිය ඉකුත් මාර්තු සිට ජුලි දක්වා කාලය තුළ 9% සිට 15% දක්වා ඉහළ ගොස් තිබෙන බවද වෙරිටේ රිසර්ච් සදහන් කරයි.
"නොදනී" ලෙස වර්ග කර ඇති කැපවීම් එසේ වර්ග කර ඇත්තේ ප්‍රගතිය තක්සේරු කිරීමට කිසිදු දත්තයක් නොමැති පසුබිමකය. එම කැපවීම් ඉටු කිරීමට ලබා දී තිබූ කාලය ඉක්මවා ගොස් ඇති පසුබිමක පවා දත්ත සොයා ගැනීමට නොහැකි වී ඇති බවද වෙරිටේ රිසර්ච් සදහන් කරයි.
මෙම තත්ත්වය IMF වැඩ සටහනේ ප්‍රගතිය අරඹයා ශ්‍රී ලංකාව ගෙන යන විනිවද භාවය සම්බන්ධයෙන් ගැටළුවක් බවද එම ආයතනය පෙන්වා දෙයි.
IMF වැඩ සටහනේ කැපවීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය ඝනනය කිරීමේදී "නොදනී" යන්න සටහන් කිරීමට හේතු දෙකක් පාදක විය හැකි බව වෙරිටේ රිසර්ච් සදහන් කරයි.
1.රජය මෙම පොරොන්දු ඉටු කිරීමට මෙතෙක් අපොහොසත්වීම හේතුවෙන් තමන්ගේ අසාර්ථකත්වය පිළිගැනීම ප්‍රමාද කිරීමට තොරතුරු ප්‍රසිද්ධ නොකර සිටීම.
2.ජනතාව හෝ පාර්ලිමේන්තුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ කාර්යේ ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස නොසලකන නිසා ඔවුන්ට තීරණාත්මක තොරතුරු ලබා දීමට රජය උනන්දුවක් නොදැක්වීම.
එම කරුණු වේ.