යාපනය,දූපත් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන පාසලක වයස අවුරුදු නමයක දැරිවියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා ඊයේ(16) සැකපිට අත්අඩංගුවට ගත් බව යාපනය, කයිට්ස් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී පාසල් විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය 13 වැනිදා විදුහල්පතිවරයා පාසල් දැරිවියට පහරදීමෙන් අනතුරුව දැරිය යාපනය රෝහලට ඇතුළත් කිරීමට දෙමාපියන් පියවරගෙන තිබු බවද පොලිසිය පැවසූහ.

දැරියගේ දෙමාපියන් සිද්ධිය සම්බන්ධයෙන් කයිටිස් පොලිසිය වෙත හා යාපනය මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිළි කොට තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව පහරදීම සිදුකළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට තිබිණ.
සැකකාර විදුහල්පතිවරයා යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.