Skip to content

ජාත්‍යන්තර මාධ්‍ය දිනයට යාපනයේ මාධ්‍ය වේදීන්ගෙන් ජාත්‍යන්තරයට ඉල්ලීමක්

විවිධ හේතූන්මත දශක තුනක් පුරාවට ඝාතනයට ලක් වූ මාධ්‍ය වේදීන් වෙනුවෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය පව පවසා අදට (03) යෙදී ඇති ජාත්‍යන්තර මාධ්‍ය දිනයේදී උතුරේ මාධ්‍ය වේදීන් පිරිසක් විසින් යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

යාපනය මාධ්‍ය සංගම් කාර් යාලය ඉදිරිපිටදී පැවත්වූ මෙම විරෝධතාවය වෙනුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ මෙන්ම උතුරේ සෙසු දිස්තීක්කයන්හි මාධ්‍ය වේදීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

එහිදී ඝාතනයට ලක් වූ මාධ්‍ය වේදීන්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත් ඊට අමතරව ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍ය වේදීන් විසින් රජයට විරෝධය පලකොට සිටියහ.

විරෝධතාවයේ යෙදුනු උතුරේ මාධ්‍ය වේදීන් වැඩිදුරටත් පවසා සිටියේ,

‘ දශක තුනක් පුරා අපේ සහෝදර මාධ්‍ය වේදීන් අවස්ථා කිහිපයකදී ඝාතනය වූවා. නමුත් මේ වනතුරුත් ඝාතකයින් පිළිබඳව හෝඩුවාවක් නැහැ. පැවති ආණ්ඩු වගේම පවතින ආණ්ඩුවලටත් මේ ගැන සොයන්න කිසිම උවමනාවක් නැහැ. ඒ අය අපි රවටනවා වගේම ජාත්‍යන්තරයත් රවට්ටනවා. මේ නිසා අපේ සහෝදරයින්ට සිදුවූ දේ ගැන සොයන්න අපි පසුබට වෙන්නේ නැහැ මේ සඳහා අපට ජාත්‍යන්තරයේ හෝ සහය අවශ්‍ය වෙනවා.

ඒ වගේම තමයි පසුගිය සශක තුන පුරාවට ත්‍රස්තවාදය වැලක්වීමේ පනත ක්‍රියාත්මක වුනා නමුත් ඒ කාලයේ අපේ මාධ්‍ය වේදීන් ඝාතනය කෙරුණා දැන් මේ ත්‍රස්ත පනත අලුත් මුහුණුවරකින් එනවා එයින්ද අපට වන සෙතක් නැහැ අපට පීඩාවක් වෙනවා හැරෙන්නට. මේ නිසා මාධ්‍ය වේදීණ්ට නිදහසේ පෑන හැසිරවීමට අවස්ථාව උදාකර දිය යුතුයි ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය මේ මොහොතේ අපට අවශ්‍ය වෙනවා යනුවෙනි.

Latest