Skip to content

සංචාරක වීසා මගින් ඕමානයට කාන්තාවන් යැවීමේ ජාවාරමක්.

සංචාරක වීසා මගින් ඕමානයේ රැකියාවක් සදහා කාන්තාවක්ව විදෙස් ගත කිරීමට උත්සාහ කළ ජාවාරම්කාරියක්ව විදේශශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 02 ගැලනි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ව.ඇය විදේශ ගත කිරීමට උත්සාහ කර ඇත්තේ කොක්කඩිචෝලේ පදිංචි කාන්තාවක්වය.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මත මුදා හැර ඇත.

මේ අතර කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක නියෝජිතවරියක්වද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ  මාලබේ ප්‍රදේශයේදීය.

ඕමානයේ රැකියාවක් ලබා දෙන බව පවසමින් සැකකාරිය රුපියල් ලක්ෂ 02 මුදලක් ලබා ගෙන වංචා කර ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයට  පැමිණිල්ලක් ලැබී ඇත.එම පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

Latest