වර්තමානය අභියෝගාත්මක ජිවන අරගලයකට මුහුණ පෑමට සිදුවෙමින් පවතින කාලවකවානුවකි.ආර්ථික මෙන්ම අධ්‍යාපනික වශයෙන් මුහුණු දී ඇති ගැටළු බොහොමයක් වන අතර අනාගත ලෝකය ජය ගැනීමට නම් ඉදිරි පරපුර ඒ සඳහා සන්නද්ධ කිරීම කඩිනමින්ම සිදු කළ යුතුව ඇත.
තිරසාර සංවර්ධනයක් අප රටෙහි ඇති කිරීමටනම් සරුසාර අනාගත පරම්පරාවක් ගොඩනැගීම සිදු කළ යුතුව ඇත.එම කර්තව්‍ය සිදු කිරීමට අධ්‍යාපනය නැමැති යතුර තරම් වු වෙනත් ආයුධයක් නොමැති බව මේ වන විට ලෝකයම පිළිගෙන හමාරය.
"ලෝකය වෙනස් කිරිමට ඔබට භාවිතා කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයයි"
-නෙල්සන් මැන්ඩලා-
අධ්‍යාපනය යනු කුමක්ද යන්න පෙර අපර දෙදිග බොහෝ විද්වතුන් විසින් නිර්වචන ඉදිරිපත් කර ඇති නමුත් මෙහිදී දකුණු අප්‍රිකාවේ ජනාධිපති කෙනෙකු වු නෙල්සන් මැන්ඩලාගේ ප්‍රකාශය තුළින් අධ්‍යාපනයේ ඇති වටිනාකම හා එහි ප්‍රබලත්වය පිළිබඳව වඩා හොදින් තේරුම් ගැනීමට හැකි වේ.අධ්‍යාපනයෙන් තොර වු රටෙහි, ලෝකයෙහි පැවැත්මක් හෝ සංවර්ධනයක් නොමැති බව අපට ඉතාමත් හොදින් දන්නා කරුණකි.එසේ වුවත් වර්තමානය වන විටදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතාමත් අභියෝගාත්මක පසුබිමකට ලක් වී ඇති,කාගෙත් කතාබහක ලක් වී ඇති මාතෘකාවක් බවට පත් වී හමාරය.
වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමටනම් අධ්‍යාපනය නැමැති යතුර ඵලදායී ලෙස යොදා ගැනීම කළ යුතුව ඇත.ලාංකික අධ්‍යාපන ක්‍රමවේදය ඉතාමත් අභියෝගයට ලක් වී ඇති බව අපි කවුරුත් දන්නා කරුණකි.1945 දී ආරම්භ කරන ලද නිදහස් අධ්‍යාපනයේ වැදගත්කම ටිකින් ටික වෙනත් මාර්ගයක ගමන් කරන බවක් දක්නට ලැබේ.ඒ සම්බන්ධයෙන් රටතුල ව්‍යාකූල තත්ත්වයක්ද මතු වී ඇත.
අප රට තුළ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තිරසාර අධ්‍යාපනයකින් සරුසාර පරපුරක් බිහිකිරීමට හැකි අධ්‍යාපන රටාවක්ද ? ඒ සඳහා දැනට ඇති අභියෝග අභියෝග මොනවාද ? එම අභියෝග ජයගැනීම සඳහා අප විසින් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද ? යන්න පිළිබඳවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රසාංජලී පෙරේරා මහත්මියගේ මඟපෙන්වීමෙන් ,අධ්‍යාපන සමාජවිද්‍යාව සහ අධ්‍යාපන මනෝවිද්‍යාව යන විෂයට අදාළව එම සරසවියේ ශාස්ත්‍රපති උපාධි අපේක්ෂක විද්‍යාර්ථයින් පිරිසක් විසින් අධ්‍යනයක නිරත විය.මෙමගින් අභියෝග ජයගැනීමට යෝජිත ක්‍රමවේදයන් ඉදිරිපත් කිරීම මෙන්ම අනාගත ශ්‍රී ලංකාවට පරිවර්තනීය අධ්‍යාපන ආකෘතියක් ද ඉදිරිපත් කරමින් තිරසාර අධ්‍යාපනයකින් සරුසාර අනාගත පරපුරක් දයාද කිරීමට අවශ්‍ය අදහස් හා යෝජනවෙන් ඉදිරිපත් කිරීම සිදුකළ අතර එම කණ්ඩායමට මෙම ලිපිය සටහන් තබන මාද ඇතුළුව රුවන් බොලංඤ්ඤෝ,සචින්තන තිලකරත්න,සඳුන් වීරසූරිය,නුවන් බණ්ඩාර,ඉනෝකා අබේසේකර,මලීෂා පිරිස්,ශෂි ප්‍රභා සිරිසේන,බී.ආර් සුරවීර හා සුරංගි රත්නායක යන අයද ඇතුලත්ය.
අනාගත පරපුර මුහුණ දී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝගයන්
· යල් පැනගිය විෂය මාලාවන් හා ඉගැන්වීමේ අඩුපාඩු.
· ගුණාත්මක අධ්‍යපනයට ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැති වීම.
· ඩිජිටල් ඉගෙනුම් සම්පත් සහා සීමිත ප්‍රවේශය .
· ගුරු පුහුණුව හා වෘත්තිය සංවර්ධනය නොමැති වීම.
· ප්‍රමාණවත් තරමේ යටිතල පහසුකම් නොමැති වීම.
· කලාප අතර අධ්‍යාපන ගුණාත්මකභාවයේ විෂමතාවයන් සමානව බෙදී නොයාම
· ප්‍රායෝගික කුසලතා වර්ධනය නොවීම.
· ඇගයීම් ක්‍රමයේ ඇති අඩුපාඩු .
· සීමා වු විෂය කාල පරිච්ඡේදයන්
· පිඩාකාරී ඉගැන්වීම් රටාව.
ලෙස අභියෝග රැසකට මුහුණ දී ඇත.
මෙවැනි අභියෝග බොහොමයක් ඇති වුවද හැකියාව ඇත්තවුන් ඒවාට අවශ්‍ය පිළියම් සොයා රට හැර යනමුත් වැඩි පිරිසක් පිඩිතයන් බවට පත්ව ඇත.
ඒ සඳහා යෝජිත විසඳුම් කඩිනමින් සෙවීම මෙන්ම උචිත ආකාරයෙන් ක්‍රියාත්මක කිරිමට සිදුව ඇත.ඒ සඳහා අප අධ්‍යයනයේදී වඩාත්ම සුදුසු යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් විය.
Ø අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අභියෝග සඳහා යෝජිත විසදුම්
· වර්තමානයට හා අනාගතයට ගැලපෙන රැකියාවන් මුලික කරගෙන විෂය මාලාව සංශෝධනය කිරිම හා කලින් කලට යාවත්කාලීන කිරීම.
· ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම හා කටපාඩම් කිරීමේ සංස්කෘතිය දුරස් කිරීම.
· ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් ශිෂ්‍ය ඉගෙනුම් ක්‍රියාවලියක් ඇති කිරීම.
· සියලුම පාසල් සිසුන් සඳහා සුදුසු පරිගණක හා අන්තර්ජාල සම්බන්ධතා සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම .
· විවිධ ශිෂ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා බාහිර දීමනා වැඩි දියුණු කිරීම.
· ආබාධ සහිත හෝ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ආධාරක පද්ධති සැකසීම
· ගුරුවෘත්තිය සංවර්ධන කිරිම.
· නව ඉගෙනුම් ක්‍රමවේද පිළීබඳව ගුරුවරුන්ට කඩිනමින් පුහුණුව ලබා දීම
· නවෝත්පාදන සඳහා ශිෂ්‍යයාට වේදිකාවක් නිර්මාණය කර දීම.
· ගුරුවරුන් බඳවා ගැනීම හා යෙදවීමේ උපාය මාර්ග ශක්තිමත් කිරිම.
· කුඩාකල සිටම ප්‍රායෝගික කුසලතා සංවර්ධනය විෂය මාලාවට ඇතුලත් කිරීම
· ප්‍රායෝගික කුසලතා සංවර්ධන හා හබා යන සිසුන් සඳහා උපදේශකත්වය සහ මගපෙන්වීම ලබා දීම.
· උසස් පෙළ විෂයන් සඳහා වෙන් වන කාලය ප්‍රමාණවත් කිරීම.
එම යෝජනාවලින් කිහිපයකි.
ලංකා තලය තුළ අති දක්ෂයින් නිරායාසයෙන්ම බිහිවන ලොව මවිත කරවන උන් ලොවට දායාද කරන්නා වු වාසනාවන්ත පුණ්‍ය භුමියකි.මෙම පුණ්‍ය භූමියේ පිනට උපන් රට සුරපුරයක් කිරිමට අවශ්‍යම මහ මොළකරුවන් අප රටට අහිමි වී යන ප්‍රවණතාවයක් දිනෙන් දින වැඩිවෙමින් තිබීම ඉතාමත් ඛේදනීය තත්ත්වයකි.ඒ පිළිබඳව ඊට අදාල බලධාරීන්ගේ අවධානය ඉතාමත් කඩිනමින් යොමුවිය යුතු කාලය එළබී ඇත.
මෙම අභියෝගවලට ඉතා කඩිනමින් විසදුම් ලබා දීම මඟින් තිරසාර අධ්‍යාපනයකින් සරුසාර අනාගත පරපුරක් බිහි කිරීමෙන් රටේ ඇති අර්බුදයන් මැඩලීම මෙන්ම ලංකාවේ උපන් උන් ලංකාව තුළම අභිමානයෙන් තම තමන්ගේ යුතුකම් රටට ඉටුකරමින් සතුටින් සැනසුම් සුසුමන් හෙළනු ඇත.
අනාගත ශ්‍රී ලංකාවට පරිවර්තනීය අධ්‍යාපන අකෘතිය

අනුෂා හෙට්ටිනායක(ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)