Skip to content

නව පොලිස්පති තනතුරට ජනපතිගෙන් ව්‍යවස්ථා සභාවට නම් තුනක යෝජනාවක්..

පුරප්පාඩු වී පවතින පොලිස් පති ධූරය සදහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලබන නම් තුනක්, එළැඹෙන අගහරුවාදා දිනයේ දී ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.

ඉන් පසුව, ව්‍යවස්ථා සභාව අදාල නම් අතරින් එක් නමක් නව පොලිස්පතිවරයා ලෙස තෝරා ගැනීමට නියමිත ය.

පොලිස්පති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම සදහා සී.ඩී. වික්‍රමරත්නට ලබා දී තිබුණු සේවා දිගුව පසුගිය සදුදා දිනයෙන් අවසන් විය. ඒ ඔහුට ලබා දී තිබුණු දෙවන සේවා දිගුවයි.

ජ්‍යේෂ්ඨත්වය අනුව, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලින්ම සිටින්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනයි.

පළිවෙළින්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස් පතිනායක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති පී.පී.එස්.එම් ධර්මරත්න යන ජ්‍යේෂ්ඨත්වය අනුව ඉහළින් සිටිති.

Latest