පසුගිය දින කිහිපය තුල දැඩි කතාබහකට ලක්වූ තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා, අද රාත්‍රියේදී යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු "ඉලුෂියන් " වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙතට ඊයේ (30) දින රාත්‍රීයේ පැමිණ ඇති බව වාර්ථා වෙයි.
A. Z. S.- 5701 දරන ගුවන් යානය මගින් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ දින රාත්‍රී 11.30ට පැමිණ තිබුණු අතර එම යානයේ ගමන්කිරීම සඳහා මුතු රාජා ඇතා දෙහිවල සත්වෝද්‍යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා අද (01) මධ්‍යම රාත්‍රී 12.00 පිටත් වීමට නියමිතය .
මේ අනුව මුතු රාජා ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා හෙට (02) දින අලුයම 03.00 ට පමණ පිටත්ව යාමට නියමිත බවද ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
කෙසේ වෙතත් මුතුරාජා හස්තියා තායිලන්තයට රැගෙන යාමෙන් පසුව මූලික ප්‍රතිකාරයන් සිදුකොට සම්පූර්න සුවය ලැබී යහපත් සෞඛ්‍ය තත්වයට පැමිණීමෙන් පසුව නැවත ශ්‍රීලංකාවට රැගෙන ඒමටද කටයුතු කරන බවට තායිලත්න තානාපති කාර්යාලය විසින් පසුගියදා දැනුම් දී තිබුණි.