Skip to content

පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට.

මෙරට නිපදවන ලද ගිනි අවියකින් පුද්ගලයින් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව අඹන්පොල පොලීසිය කියයි.

ඉකුත් 25 වෙනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැටුවැව - හේනේගෙදර පදිංචි 27 හැවිරිදි අයෙකුවය. සැකකරු සතුව තිබූ මෙරට නිපදවන ලද ගිනි අවියක්ද පොලිස් බාරයට ගෙන ඇත.

ඉකුත් 24 වෙනිදා අඹන්පොල - ඒරියාව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට සැකකරු විසින් වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවට වන පැමිණිල්ලක් පොලීසියට ලැබී ඇත. එම පැමිණිල්ල අනුව සිදු කර ඇති විමර්ශණ වලින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

පුද්ගලික ආරවුලක් මෙම සිද්ධියට හේතුව වී ඇති බව පොලීසිය කියයි.

අඹන්පොල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest