Skip to content

ඉන්දියානු සංචාරකයා සතු දෙස් විදෙස් මුදල් සොරකම් කළ අයෙකු අත්අඩංගුවට.


කළුතර උතුර පොලිස් වසමට අයත් වස්කඩුව  සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයෙකුගේ මුදල් සොරකම් කළ  සැකකාර පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඉන්දීය සංචාරකයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුර අද පස්වරුවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත්බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 29 හැවිරිදි වස්කඩුව ප්‍රදේශයේ ම අදාළ සංචාරක නිකේතනය ආසනයේ නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකි.

පොලීසිය පැවසුවේ සොරකම් කළ මුදලින් කොටසක් සැකකරුගේ නිවසේ මෙට්ටයක් තුළ සඟවා තිබියදී සොයාගත් බවය. සැකකරු විසින් සංචාරකයාගේ නවාතැන්ගෙන සිටි කාමරයට පැමිණ ඔහුගේ ගමන් මල්ලේ තිබූ අමෙරිකානු ඩොලර් 259ක්, ඉන්දීය රුපියල් 500ක් සහ මෙරට මුදල් රුපියල් 17,000ක් සොරකම් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

කළුතර උතුර පොලීසිය  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.

Latest