වයස අවුරුදු 15 යි මාස 11 ක් බාලවයස්කාර පාසල් සිසුවියක්ව භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 23 ක තරුණයෙකුව උදාසිරිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලුණුවිල - කිරිමැටියාන වත්ත ප්‍රදේශයේ නිවසක දින කීපයක සිට බාල වයස්කාර දැරිවියක් සිටින බව පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) පණිවිඩයක් ලැබී ඇත. එම පණිවිඩය අනුව ක්‍රියාත්මක වී ඇති උදාසිරිගම පොලීසියේ නිලධාරීන් අදාල නිවසට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන දැරිවිය තම බාරයට ගැනීමට කටයුතු කර ඇත.
අතවරයට ලක්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට උදාසිරිගම පොලීසිය කටයුතු කර ඇත. සැකකරු මාරවිල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
''ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දී වගකිවයුතු පුරවැසියකුගේ යුතුකම ඉටුකරන්න.''