Skip to content

දකුණු කොරියාවේ රැකියා දෙන බව පවසා වංචා කළ අයෙකු අත්අඩංගුවට.....!

දකුණූ කොරියාවේ රැකියා ලබා දෙන බව පවසමින් අයදුම්පත්‍ර කැදවා මුදල් අය කර අනතුරුව සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බව කියන විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ රැකියා නියෝජිත කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය - ගැටඹේ ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ‍ගෙන ගිය පුද්ගලයෙකුවය. සැකකරු විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගියත් දරුණු කොරියාවේ රැකියා ලබා දීම සදහා අවසරක් ලබා ගෙන තිබී නැත.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වැටලීම සිදු කරන අවස්ථාවේදීත් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණ සිට ඇත.

සැකකරු සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 275, රැකියා අයදුම් පත් සහ පොලිස් සහතික පත් 615 ක්, කොරියාණු භාෂාවෙන් සකස් කරන ලද අයදුම් පත්‍ර සහිත ලිපි ගොණුවක්,කොරියාවේ රැකියා ඇබෑර්තු ඇති බව දැක්වෙන බැනරයක්ද විමර්ශණ නිලධාරීන් විසින් තබ බාරයට ගෙන ඇත. 3000 කට වැඩි පිරිසක් සැකකරුගේ වංචාවට හසුවී ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව විදේශ රැකියා කාර්යංශය සදහන් කරයි.

Latest