Skip to content

බදින තුවක්කුවක් පත්තුවීමෙන් අයෙකුට තුවාල.

කිලිනොච්චිය, පලෙයි, කෝවිල්වයල් ප්‍රදේශයේදී බදින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු ඊයේ(21) සවස තුවාල ලබා ඇති බව පලෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කුඹුරු ඉඩමක් වෙත යමින් සිටි පුද්ගලයෙකු වෙත බදින තුවක්කුවක් පත්තුවීමෙන් එලෙස තුවාල ලබා ඇති බවයි.

කිලිනොච්චිය, උරුත්තිපුරම් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු එලෙස තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසූහ.

බදින තුවක්කුවක්කුව සවිකළ පුද්ගලයා සොයා පලෙයි පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

Latest