සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරපත් කිරීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ජාවක් පැවැත්වූ බවයි ඒ ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ.
රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඔවුන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් නියමිතයි.
මේ වන විට විශේෂයෙන් රජයේ රෝහල් තුළ භාවිතා වන ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුව තිබෙන අතර පසුගිය කාලයේ ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්දීය ණය ආහාර යටතේ මෙරටට ගෙන්වන ලද ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධයෙනුයි මෙලස සැක පළවී ඇත්තේ.