Skip to content

නයිජීරියානු සූපවේදිනියක් ගිනස් ලෝක වාර්තා උත්සාහයක​.

"මම නිල තහවුරු කිරීමක් බලාපොරොත්තුවෙනුයි ඉන්නේ." Hilda Baci ඇයගේ ගිනස් ලෝක වාර්තාවට අදාළ පිලිතුරු දෙයි.

නයිජීරියානු සූපවේදී 'Hilda Effiong Bassey' නොනවත්වා පැය 100 ක කාලයක් ආහාර පිසිමින් ගිනස් ලෝක වාර්තාවක් තැබීමට උත්සහ කර ඇතැයි වාර්තා වේ. සමාජ මාධ්‍ය ජාලා වල ඇයව හදුන්වන කෙටි නම වන්නේ Hilda Baci යනුවෙනුයි. බ්‍රහස්පතින්දා දින ආරම්භ කර ඇති පිසීමේ කටයුතු ​සඳුදා දක්වා නොකඩවා පවත්වාගෙන යාමට ඇය විසින් සමත්කම් දක්වා ඇත​. මේ කාල පරාසය තුලදී කෑම​ වට්ටෝරු 55 කට වඩා සහ ආහාර 100 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇය විසින් පිළියෙල කොට ඇත​.

ගිනස් ලෝක වාර්තා කමිටුවට ඔවුනට අදාළ වන​ සියලු නිර්ණායක​ සපුරා ඇති බවටත්, Hilda මෙම ලෝක වාර්තාවට හිමිකම් කියනු ඇත්දැයි යන්නත් තහවුරු කිරීමට ඉතිරිව තිබේ. මීට පෙර මෙවැනි වාර්තාවක් පිහිටුවා ඇත්තේ 2019 දී ඉන්දියානු සූපවේදී 'Lata Tondon' විසිනි. ඒ පැය 87 කුත් මිනිත්තු 45 ක කාල සීමාවකට අදාළවය​. එම මහත්මිය විසින් Hilda Baci ගේ මෙම උත්සාහයට පෙර සහාය පණිවිඩයක් යොමු කොට ඇති බවද විදෙස් මාධය වල වැඩිදුරටත් දැක්වේ.

මෙම උත්සාහ කිරීමට ඇය පෙලඹුණු කාරණාව බවට සදහන් කර ඇත්තේ නයිජීරියානු ආහාර පිලිබදව ලෝකවාසීන්ව දැනුවත් කිරීමට ඇය තුල වූ දැඩි කැමැත්තයි. "නයිජීරියානු ආහාර තමයි හොදම​.ආහාර වට්ටෝරු වැඩි වැඩියෙන් ප්‍රචාරණය කරන තරමට වැඩි පිරිසක් ඒවගෙ රස බලන්න කැමති වේවි. නයිජීරියානු ආහාර එතරම්ම සුවපහසුයි." Baci මාධය වෙත එසේ අදහස් දක්වයි.

පළමු දිනයේදීම තෙහෙට්ටුව හේතුවෙන් මෙම උත්සාහය ඇයට අත්හැර දැමීමට සිතුණ මුත් පෙර වාර්තාව අභිබවා යාමෙන් පසුව එය පැය 100ක කාලයක් දක්වා පවත්වාගෙන යාමට ඇය විසින් තීරණය කොට ඇත​. "පළමු දවස තමයි අමාරුම දවස. මම පැය හයක් වගේ කෙටි කාලයක් තුල සියල්ල අත් හරින්න ලෑස්ති වුනා. ආශ්චර්යයක් වුනා වගේ දැනෙනවා. කොහොම හරි මම මේකට ආවා.​ මාව දිරිමත් කරන්න ආව පිරිස් දුන්නු සහයෝගය ඇදහිය නොහැකි තරම්." ඇය පවසා සිටියා. Hilda Baci ගේ මෙම අපූරු උත්සාහය වෙනුවෙන් ශ්‍රී ලාංකික අප සැම දෙනාද උණුසුම් සුබපැතුම් පිරිනමනු ලබනවා.

Latest