Skip to content

මෙරට සෞඛ්‍ය නංවන්න නව සමීක්ෂණ වාර්තාවක් එළි දකී.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය - වැය සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවක් එළිදැක්වීම ඉකුත් 05 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කරන ලදි.බ්‍රිත්‍යාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සහ එක්සත් රාජධානියේ West Minister Foundation for Democracy  සංවිධානය විසින් මෙම වාර්තාව සකස් කර තිබුණි.

බෝ නොවන රෝග කලින් හදුනා ගෙන පාලනය කිරීම,වතුකරයේ ඇතුළු අඩු ආදායම් ලාභීන් දැණුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම,ගර්භණී මව්වරුන් ඇතුළු විශේෂ අවශ්‍යතා ඇති කණ්ඩායම් සදහා සකස් කළ යුතු වැඩ සටහන් ආදිය සම්බන්ධයෙන් වන යෝජනා මෙම සමීක්ෂණ වාර්තාවට ඇතුළත් කර ඇත. මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සදහා ස්වේච්ඡා සේවකයින්ගේ සහාය ලබා ගත යුතු බවද නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමන ඉදලා මෙම සමීක්ෂණ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු ඉතා වැදගත් බව එම අවස්ථාවට එක්ව සිටි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Latest