පසුගිය දිනවලදී ලොව සුප්‍රකට Warner Brothers. ආයතනය යටතේත් පැවති DC Comics සඳහා පැවති චිත්‍රපට මාලාව වූ DCEU එහෙමත් නොමැති නම් DC Entertainment Universe නවතම අඩිතාලමක් යටතේ නව මුහුණුවරකින් DC Studios ලෙස ප්‍රකට හොලිවූඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් ගන් සහ පීටර් සැෆ්රන් ප්‍රධානීන් සමග එළි දැක්වුණා.
එම නිසා පෙර පැවති සුපර්මෑන්, බැට්මෑන් වැනි සුපිරි චරිත වලට පණ පෙවූ හෙන්රි කැවිල්, බෙන් ඇෆ්ල්ක් වැනි නළු නිළියන් රැසක් එම චරිත වලින් ඉවතට දැමුණා. නව DCU සඳහා අදාළ නවතම සැලසුම ජේම්ස් ගන් විසින් පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කෙරුණා. මෙම චිත්‍රපට විශ්වයට පැමිණෙන පළමු චිත්‍රපටය මෙම වසරේ අගෝස්තු මස පැමිණෙන Blue Beetle චිත්‍රපටයද වනවා.
මෙලෙස නව මුහුණුවරකින් පැමිණෙන DCU හි Superman: Legacy චිත්‍රපටයේ නවතම සුපර්මෑන් චරිතයට පණ පෙවීමට නියමිත නළුවා කවුරුන්දැයි අද දින නිවේදනය කෙරුණා.

Netflix හි House of Cards, The Politician, Hollywood වැනි කතා මාලා රැසකට දායකත්වය ලබාදුන් David Corenswet (ඩේවිඩ් කොර්න්ස්වෙට්) එලෙස නවතම සුපර්මෑන් චරිතයට පණ පොවන බව ප්‍රකට Hollywood Reporter සඟරාවේ ට්විටර් පණිවිඩයකට අදහස් දක්වමින් ජේම්ස් ගන් අද නිවේදනය කළා.
Accurate! (They are not only both incredible actors, but also wonderful people). https://t.co/1FtwYIDeYj
— James Gunn (@JamesGunn) June 27, 2023
මීට අමතරව සුපර්මෑන්ගේ බිරිඳ වන Lois Lane චරිතය සඳහා Amazon Prime Video හි The Marvelous Mrs. Maisel, Netflix හි House of Cards, Manhattan කතා මාලා සඳහා දායකත්වය ලබාදුන් Rachel Brosnahan (රේචල් බ්‍රොස්නහෑන්) එම චරිතය සඳහා තෝරාගත් බවටද අද දිනම නිවේදනය කෙරුණා.